සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අද (17) පළමු තරගය ගාල්ලේ දී ආරම්භ වුණා.
කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමු ඉනිමට පිතිකරණය අරඹමින් තරගයේ ආරම්භක දිනය අවසන් කළේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 292ක් සහිතවයි.
මුල් පෙළ කඩුලු ත්‍රිත්ත්වයම ලකුණු 50ටත් අඩුවෙන් බිඳ වැටෙද්දී අසීරු ඉනිමක සිටි බංග්ලාදේශය ඔසවා තැබීමට නායක ෂැන්ටෝට හා මුෂ්ෆිකර් රහීම්ට හැකි වුණා.
ඒ අනුව ඔවුන් දෙදෙනා එක්ව බංග්ලාදේශ ටෙස්ට් ඉතිහාසයේ ඉනිමක දී සිව්වැනි කඩුල්ලට රැස් කළ වැඩිම ලකුණු සබඳතාව ද ගොඩනැගීමට සමත් වූයේ දෙදෙනාම අගනා ශතක ද වාර්තා කරමින්.
දිනය අවසන් වනවිට නජිමුල් ෂැන්ටෝ නොදැවී ලකුණු 136ක් ලබා සිටි අතර මුෂ්ෆිකර් ද නොදැවී ලකුණු 105ක් ලබා සිටියා.
අද දිනයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනූ තරිඳු රත්නායක කඩුලු දෙකක් බිඳ දමද්දී අසිත ප්‍රනාන්දුට එක් කඩුල්ලක් හිමිවුණා.
හෙට (18) තරගයේ දෙවැනි දිනයයි.





