දිනය නිමා වනවිට බංග්ලාදේශය කඩුලු 03ක් දැවී ලකුණු 292යි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අද (17) පළමු තරගය ගාල්ලේ දී ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමු ඉනිමට පිතිකරණය අරඹමින් තරගයේ ආරම්භක දිනය අවසන් කළේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 292ක් සහිතවයි.

මුල් පෙළ කඩුලු ත්‍රිත්ත්වයම ලකුණු 50ටත් අඩුවෙන් බිඳ වැටෙද්දී අසීරු ඉනිමක සිටි බංග්ලාදේශය ඔසවා තැබීමට නායක ෂැන්ටෝට හා මුෂ්ෆිකර් රහීම්ට හැකි වුණා.

ඒ අනුව ඔවුන් දෙදෙනා එක්ව බංග්ලාදේශ ටෙස්ට් ඉතිහාසයේ ඉනිමක දී සිව්වැනි කඩුල්ලට රැස් කළ වැඩිම ලකුණු සබඳතාව ද ගොඩනැගීමට සමත් වූයේ දෙදෙනාම අගනා ශතක ද වාර්තා කරමින්.

දිනය අවසන් වනවිට නජිමුල් ෂැන්ටෝ නොදැවී ලකුණු 136ක් ලබා සිටි අතර මුෂ්ෆිකර් ද නොදැවී ලකුණු 105ක් ලබා සිටියා.

අද දිනයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනූ තරිඳු රත්නායක කඩුලු දෙකක් බිඳ දමද්දී අසිත ප්‍රනාන්දුට එක් කඩුල්ලක් හිමිවුණා.

හෙට (18) තරගයේ දෙවැනි දිනයයි.

  1. කුජීතයි, ඉනිමක පරාජයකින් බේරුනොත් ඇති.
    අර ජයසූරිය කියන ගාල්ල පිට්ටනියට අරක් ගත් වයසක මෑන්ට එක විකට් එකක්වත් නෑනෙ.
    මොනවද මේ ශ්‍රීලංකා ටීම් එකට වෙන්නෙ ? බංගලියන්ගෙනුත් කන ලෙවල් එකක් තමයි දැන්නමි පේන්නෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23