AFC Banner
Empty Ad
Empty Ad

දිනය නිමාවන විට එංගලන්තය ශක්තිමත් ස්ථාවරයක – රූට්ගෙන් ශතකයකුත්

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත කණ්ඩායම කඩුලු 07ක් බිඳ වැටී ලකුණු 358ක් ලබා සිටිනවා.

ඊයේ (29) තරගය ලෝඩ්ස් හි දී ආරම්භ වුණේ කාසියේ වාසියේ ජය ශ්‍රී ලංකාවට පිරිනමින්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා තීරණය කළේ පළමු ව පන්දු රැකීමේ අවස්ථාව තෝරා ගැනීමයි.

ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමු ඉනිමට ලකුණු රැස් කිරීම ඇරඹි එංගලන්තයේ මුල් පෙළ කඩුලු 03ක් ලකුණු 50ක් වන විට බිඳ වැටි තිබුණා.

නමුත් ඉනිම ශක්තිමත් ව ගොඩනැගීමට සමත් වූ එංගලන්තයේ ජෝ රූට් ලකුණු 143ක් ලබාගත්තේ සිය 32 වැනි ජාත්‍යන්තර ටෙස්ට් ශතකයට ද හිමිකම් කියමින්.

රූට් දැවී ගියේ මිලාන් රත්නායකගේ පන්දුවක් හමුවේයි.

දිනය නිමාවනවිට කඩුල්ලේ රැඳී සිටින ඇට්කින්සන් නොදැවී ලකුණු 74ක් ලබා සිටිනවා.

කඩුලු බිඳ දැමීමේ දී අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක සහ ළහිරු කුමාර කඩුලු 02ක බැගින් සහ ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ලක් බිඳ දැමුවා.

අද තරගයේ දෙවැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?