දිනය නිමාවන විට එංගලන්තය ශක්තිමත් ස්ථාවරයක – රූට්ගෙන් ශතකයකුත්

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත කණ්ඩායම කඩුලු 07ක් බිඳ වැටී ලකුණු 358ක් ලබා සිටිනවා.

ඊයේ (29) තරගය ලෝඩ්ස් හි දී ආරම්භ වුණේ කාසියේ වාසියේ ජය ශ්‍රී ලංකාවට පිරිනමින්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා තීරණය කළේ පළමු ව පන්දු රැකීමේ අවස්ථාව තෝරා ගැනීමයි.

ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමු ඉනිමට ලකුණු රැස් කිරීම ඇරඹි එංගලන්තයේ මුල් පෙළ කඩුලු 03ක් ලකුණු 50ක් වන විට බිඳ වැටි තිබුණා.

නමුත් ඉනිම ශක්තිමත් ව ගොඩනැගීමට සමත් වූ එංගලන්තයේ ජෝ රූට් ලකුණු 143ක් ලබාගත්තේ සිය 32 වැනි ජාත්‍යන්තර ටෙස්ට් ශතකයට ද හිමිකම් කියමින්.

රූට් දැවී ගියේ මිලාන් රත්නායකගේ පන්දුවක් හමුවේයි.

දිනය නිමාවනවිට කඩුල්ලේ රැඳී සිටින ඇට්කින්සන් නොදැවී ලකුණු 74ක් ලබා සිටිනවා.

කඩුලු බිඳ දැමීමේ දී අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක සහ ළහිරු කුමාර කඩුලු 02ක බැගින් සහ ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ලක් බිඳ දැමුවා.

අද තරගයේ දෙවැනි දිනයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31