දිට්වා හානි කළ දේපළ වෙනුවෙන් වන්දි ලබා දීමට විශේෂ වැඩපිළිවෙලක්

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදා තත්ත්වය තුළ හානි වූ ව්‍යාපාර සහ දේපළ වෙනුවෙන් වන්දි ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වූ සාකච්ඡාවක් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ප්‍රධානත්වයෙන් සහ සියලුම රක්ෂණ ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසනවා.

හානියට පත් ව්‍යාපාර, දේපළ සහ ජීවිත වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් දැනටමත් සියලුම රක්ෂණ සමාගම් ආරම්භ කර ඇති බවත් ලේකම්වරයා සඳහන් කර සිටියා.

එම වැඩපිළිවෙළ අනුව සුළු දේපළ හානි වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත්, විශාල දේපළ හානි සඳහා වන්දි ගෙවීම, ඊට අවශ්‍ය තොරතුරු රැස්කර ගැනීමෙන් අනතුරුව සිදු කරන බවත්, එතෙක් එම වන්දි මුදල්වලින් කොටසක් කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවත් රක්ෂණ ආයතන නියෝජිතයන් මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
00:00
Video thumbnail
අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?..ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42
Video thumbnail
කොලොන්නාවේ තෙල් ගබඩා පර්යන්තයේ දැන් වෙන දේ මෙන්න
00:23
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
28:33