දිට්වා නිසා හානි වූ නිවාසවල හානි තක්සේරු කිරීම අද සිට

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ නිවාස හානි තක්සේරු කිරීම අද (08) දිනයේ සිට ආරම්භ කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පිහිටුවන ලද කමිටුවක් විසින් තක්සේරු කිරීම් සිදුකරනු ලබනවා.

මේ අතර නාය යෑම් සහ ජල ගැලීම් හේතුවෙන් හානියට පත් නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 25,000ක අත්තිකාරම් මුදලක් ලබාදෙන බව එම අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළා.

එමෙන්ම නිවාස හිමිකම නොසලකා නැවත පදිංචි කිරීම සහ අත්‍යවශ්‍ය ගෘහ උපකරණ මිලදී ගැනීම සඳහා එක් නිවසකට රුපියල් 50,000ක දීමනාවක් ලබාදෙන බවත් රජය සඳහන් කළා.

නිවාස හෝ ජීවනෝපායන් සම්පූර්ණයෙන්ම අහිමි වූ පවුල් සඳහා මාස තුනක් දක්වා මූල්‍ය ආධාර ලබාදීමට තීරණය කර ඇති අතර, සාමාජිකයින් දෙදෙනෙකු හෝ ඊට අඩු පවුල් සඳහා රුපියල් 25,000ක මුදලක් සහ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුට වඩා සිටින පවුල් සඳහා රුපියල් 50,000ක මුදලක් ඒ අනුව හිමිවනු ඇති.

එමෙන්ම නැවත පදිංචිවීමට නිවාස නොමැති පවුල්වලට උපරිම මාස 06ක් දක්වා රුපියල් 25,000ක මාසික කුලී දීමනාවක් ද ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?