රටේ පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් රජයේ ලිපි ලේඛන ලක්ෂයකට වඩා හානි වී ඇති බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නදීරා රූපසිංහ පවසනවා.
මෙහිදී වසර සියයකට පමණ වඩා පැරණි ලිපි ලේඛන කිහිපයකට ද දැඩි හානි සිදුව ඇති බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සඳහන් කළේ.
බදුල්ල, මහනුවර, නුවරඑළිය ඇතුළු දිවයිනේ වෙනත් ප්‍රදේශවල රාජ්‍ය ආයතන 40ක පමණ සුරැකිව තිබූ ඓතිහාසික ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් ද විනාශ වී ඇති බව ඇය පැවසුවා.
ඊට අමතරව මහජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයට බලපාන අත්‍යවශ්‍යවන තොරතුරු ඇතුළත් ලේඛන ද හානියට පත්ව ඇති බව සඳහන් කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය, මෙම තත්ත්වය බොහෝ විට පරම්පරා ගණනාවකට බලපෑම් එල්ල විය හැකි බවයි සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
3
+1
1
+1





