ශ්‍රී ලාංකික ජනතාවට සෑහීමකට පත් විය හැකි දිගු කාලීන ආර්ථික සහ දේශපාලනික විසඳුම් ළඟා කර ගැනීම සඳහා ඉක්මණින් කටයුතු කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය මෙරට දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා.
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එක් දේශපාලන පක්ෂයක අභිවෘද්ධිය සඳහා නොව ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා මේ අවස්ථාවේ කටයුතු කරන ලෙසයි.
.පවතින රජයෙන් හෝ ව්‍යවස්ථානුකූලව පත්වන නව රජයෙන්, මෙරට ජනතාවට සෑහීමකට පත්විය හැකි දිගු කාලීන ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගත හැකි විසඳුම් කඩිනමින් හඳුනාගෙන ක්‍රියාත්මක කරන ලෙසයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට පහරදීම පිළිබඳව ඇමෙරිකා එකසත් ජනපදය අප්‍රසාදය පළ කළ කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.














