දිගින් දිගටම සිදුවන ගුවන් ගමන් ප්‍රමාදයන් ගැන ශ්‍රී ලන්කන් හේතු කියයි

දිගින් දිගටම ශ්‍රී ලන්කන් ගුවන් යානා ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම බව එම ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙකු පවසනවා.

සිය දෛනික ගුවන් ගමන් මෙහෙයුම් සදහා ගුවන් යානා 24ක් අවශ්‍ය වුවද, දැනට ක්‍රියාකාරී මට්ටමේ ධාවන කටයුතුවල නිරතව ඇත්තේ ගුවන් යානා 20ක් පමණක් බවයි එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

එහෙත් තවත් ඒ – 330 සහ ඒ – 320 ගුවන් යානා දෙකක් දිගුකාලීන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා යොමු කර පවතින බවත්, තවත් ඒ – 320 නියෝ කාණ්ඩයේ ගුවන් යානා දෙකක්, ප්‍රංශයේ එයා බස් සමාගමේ සිට නව එන්ජින් ලැබෙන තෙක් ධාවනයෙන් ඉවත්කර ගාල්කර පවතින බව ද ඔහු සඳහන් කළා.

මීට අමතරව ශ්‍රී ලන්කන් ඉංජිනේරු අංශයේ සේවයේ නිරත 30 දෙනෙකු පමණ ඉන් ඉවත් වී, විදේශීය ගුවන් සේවා වෙත ගොස් ඇති බැවින් දැනට ඉතිරි සේවකයින්ගෙන් අවශ්‍ය වැඩ කටයුතු ආවරණය කරගන්නා බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් සන්ධාන කර සිටියා.

මෙවැනි තත්ත්වයක් මත අද (28) උදෑසනත් පකිස්තානයේ ලාහෝර්, ඉන්දියාවේ චෙන්නායි සහ බංග්ලාදේශයේ ඩකා බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානා ප්‍රමාදවීම්වලට ලක්ව තිබුණා.

මෙසේ මෙම ගුවන් යානා ප්‍රමාද වීම හේතුවෙන් සිය ගුවන් මගීන් පත්වන අපහසුතාව පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කරන බවත්, මෙම ගුවන් මගීන් ඉතා ඉක්මනින් සිය ගමනාන්ත වෙත පිටත් කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද එම ප්‍රකාශකවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?