දිගින් දිගටම සිදුවන ගුවන් ගමන් ප්‍රමාදයන් ගැන ශ්‍රී ලන්කන් හේතු කියයි

දිගින් දිගටම ශ්‍රී ලන්කන් ගුවන් යානා ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම බව එම ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙකු පවසනවා.

සිය දෛනික ගුවන් ගමන් මෙහෙයුම් සදහා ගුවන් යානා 24ක් අවශ්‍ය වුවද, දැනට ක්‍රියාකාරී මට්ටමේ ධාවන කටයුතුවල නිරතව ඇත්තේ ගුවන් යානා 20ක් පමණක් බවයි එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

එහෙත් තවත් ඒ – 330 සහ ඒ – 320 ගුවන් යානා දෙකක් දිගුකාලීන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා යොමු කර පවතින බවත්, තවත් ඒ – 320 නියෝ කාණ්ඩයේ ගුවන් යානා දෙකක්, ප්‍රංශයේ එයා බස් සමාගමේ සිට නව එන්ජින් ලැබෙන තෙක් ධාවනයෙන් ඉවත්කර ගාල්කර පවතින බව ද ඔහු සඳහන් කළා.

මීට අමතරව ශ්‍රී ලන්කන් ඉංජිනේරු අංශයේ සේවයේ නිරත 30 දෙනෙකු පමණ ඉන් ඉවත් වී, විදේශීය ගුවන් සේවා වෙත ගොස් ඇති බැවින් දැනට ඉතිරි සේවකයින්ගෙන් අවශ්‍ය වැඩ කටයුතු ආවරණය කරගන්නා බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් සන්ධාන කර සිටියා.

මෙවැනි තත්ත්වයක් මත අද (28) උදෑසනත් පකිස්තානයේ ලාහෝර්, ඉන්දියාවේ චෙන්නායි සහ බංග්ලාදේශයේ ඩකා බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානා ප්‍රමාදවීම්වලට ලක්ව තිබුණා.

මෙසේ මෙම ගුවන් යානා ප්‍රමාද වීම හේතුවෙන් සිය ගුවන් මගීන් පත්වන අපහසුතාව පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කරන බවත්, මෙම ගුවන් මගීන් ඉතා ඉක්මනින් සිය ගමනාන්ත වෙත පිටත් කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද එම ප්‍රකාශකවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22