දික්ඔය මූලික රෝහලේ හෙදියකට සහ ඇගේ පුතුට කොරෝනා

හැටන් දික්ඔය මූලික රෝහලේ හෙදියකට සහ ඇගේ වයස අවුරුදු 12ක් වූ පුතුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ. දික්ඔය නගර සභා සෞඛ්‍ය අංශ සදහන් කළේ එම හෙදියට සහ ඔහුගේ පුතුට සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවෙන් ඒ බව තහවුරු වූ බවයි. කොවිඩ් ආසාදිත හෙදිය හැටන් ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇයගේ සිංහල අලුත් අවුරුදු සමයේදී ගාල්ල ප්‍රදේශයේ සංචාරයක ද නිරතව සිට තිබේ. උත්සව සමයෙන් අනතුරුව ඊයේ දින රාජකාරිය සදහා දික්ඔය මූලික රෝහලට පැමිණ ඇත.

එහිදී සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණයේදී ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. අනතුරුව ඇගේ පවුලේ සාමාජිකයින් ද පරීක්ෂණයකට ලක් කර ඇති අතර, ඇගේ පුතුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු කර ගෙන ඇත. එම දරුවා හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 6වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව පවසා ඇත. එම සිසුවා ඉගෙනු ලබන පන්තියේ සිසුන් ඔහුගේ මිතුරන් ද ඇතුළුව දරුවන් 66දෙනෙකු සහ ආචාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09