AFC Banner
AFC Banner
Empty Ad

දික්ඔයේ හොරෙන් මැණික් ගැරූ හයක් අත්අඩංගුවට ගනියි

දික්ඔය ඇළෙහි පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; හැටන් නගරයේ සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළෙහි මෙම නීතිවිරෝධී ක්‍රියාව සිදු කරමින් සිට ඇති බවයි.

සැකකරුවන් ව ඊයේ (10) පස්වරුවේ හැටන් පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින්
අත්අඩංගුවට ගනු ලැබුවා.

දික්ඔය වනරාජා තේ කර්මාන්ත ශාලාව පිටුපසින් කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළෙහි කිසියම් පිරිසක් අනවසරෙන් මැණික් ගරන බවට හැටන් පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්නපුර, කහවත්ත, බලංගොඩ, හැටන් සහ දික්ඔය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 25-40 වයස් කාණ්ඩවල පසුවන අය බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ද පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?