දැවැද්ද නොදුන්නට නයකු දෂ්ට කරවා බිරිඳ මැරූ සැමියෙකුට ලැබුනු දඬුවම

සිය බිරිඳ නිදාගෙන සිටියදී ඇය සර්ප දෂ්ටනයකට ලක්කොට මරා දැමූ සැමියකුට කේරළ අධිකරණයක් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කොට තිබේ.

25 හැවිරිදි එම බිරිය නයකු දෂ්ට කිරීමෙන් මියගොස් ඇත්තේ පසුගිය වසරේ මැයි මාසයේදීය. ඒ පිළිබඳව ඇගේ සැමියා සැක පිට අත්අඩංගුවට ගනු ලැබිණි.
බිරිඳගේ ඥාතීන්ද පවසා තිබුණේ ඇගේ මරණය සැක සහිත බවයි.

ඊට සති කිහිපයකට පෙර ඇයට මේ ආකාරයෙන්ම වැලි පොළඟෙකු දෂ්ට කර තිබීම ඊට හේතුවය.

වැඩිදුර පරීක්ෂණවලදී ඇගේ ඝාතනයට දෑවැද්ද පිළිබඳ ප්‍රශ්නයක් බලපා ඇති බව පොලිසිය හෙළි කර ගෙන තිබිණි.

පරීක්ෂණ කටයුතු අතරේදී ඔහුට සහාය දුන් පුද්ගලයකුද අත්අඩංගුවට ​ගනු ලැබීය.
සහායකයා සැමියාට නයකු සපයා දුන් පුද්ගලයා ලෙස සැලකේ. පසුව ඔහු පොලිසියේ සාක්ෂිකරුවකු බවට පත් වූයේය. මෙම නඩු විභාගය සඳහා පොලිසිය පිටු 1000ක පමණ ලිපි ලේඛන හා වාර්තා ඉදිරිපත් කර ඇත.

මෙය එරට අධිකරණය ලබාදුන් දුර්ලභ සිරදඬුවමක් සේ සැලකේ. බන්ධනාගාරගත කිරීමට අමතරව ඉන්දීය රුපියල් පන් ලක්ෂයක දඩයක්ද ඔහුට පනවා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉරාන නෞකාවට එල්ල කළ ප්‍ර#රය බරපතළයි..අමෙරිකාව අන්තර්ජාතික නීති සියල්ල කඩ කළා
06:05
Video thumbnail
හසාරාගේ ප්‍රකාශයක් නිසා අජිත් නැගිටලා හොඳටම දෙසයි..ඔයා මනුෂ්‍ය ජීවිත අවතක්සේරු කළේ
04:45
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 05.03.2026
08:15:39
Video thumbnail
මිනිස්සු කුලප්පු කරන්න එපා..අපි නිවටයෝ නෙවෙයි..මිහින්තලේ හිමිගෙන් සැර සත්තමක්..
06:39
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..හිටපු ජනපතිලා කැඳවන්න
00:31
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..ඉක්මනින් හිටපු ජනපතිලා කැඳවන්න..රටේ තත්ත්වය භයානකයි..
05:57
Video thumbnail
වරාය බලධාරින්ට ත#ජනය කරලා ?විමල්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්.. නැව වරායට ගත්තොත් ප්‍ර#රයක්?
05:54
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුවට ගැමි උපකරණ ගැන Review එකක් දෙයි.."මෙන්න හුන්ඩුව..තවමත් හුන්ඩු මානසිකත්වයේනේ"
03:51
Video thumbnail
හුන්ඩුව නිසා විමල්ට නහුතෙටම තදවෙයි..විපක්ෂයේ ගොබිලයොන්ට මේක තේරෙන්නේ නෑ
05:09
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09