දැරියන් 09කට අතවර කළ දේවගැතිවරයා යළිත් රිමාන්ඩ්

කිරුළපන ප්‍රදේශයේ නේවාසිකාගාරයක රඳවා සිටියදී දේවගැතිවරයෙකු විසින් ලිංගික අතවර කළ බව කියන දැරියන් 9 දෙනකු ඔවුන්ගේ මව්පියන්ට හෝ සුදුසු භාරකාරත්වයකට පත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් ඊයේ (21) නියෝග කළේය.

අතවරයට පත් දැරියන් 9 දෙනා පොලිසිය විසින් ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී කිරුළපන පොලිසිය හා ප්‍රදේශයේ පරිවාස නිලධාරිනිය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණි.

දැරියන් අතවරයට ලක් කළ බව කියන දේව ගැතිවරයා ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහු ජනවාරි මස 3 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

වයස අවුරුදු 11 හා 18 වියේ පසුවන දැරියන් 9 දෙනකු එසේ අතවරයට ලක්ව ඇති බවත් එම දැරියන් පවුල් තුනක සහෝදරියන් බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

නේවාසිකාගාරයේ දේවගැතිවරයා තමන්ට අතවර කරන බවට එම දැරියන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිනියට පවසා ඇති බවත් පසුව විදුහල්පතිනිය මේ සම්බන්ධයෙන් කිරුළපන පොලිසියට කරන ලද දැනුම්දීමකට අනුව පොලිස් කණ්ඩායමක් එම නේවාසිකාගාරය වෙත ගොස් අදාළ දැරියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලිසිය අධිකරණයට පැවසීය.

දේවගැතිවරයා විසින් තමන්ව අතවරයට ලක් කළ බවට එම දැරියන් 9 දෙනකු පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා ඔහු සතු දුරකථනයේ තිබෙන අසභ්‍ය දර්ශන පෙන්වමින් එම දැරියන්ට අතවර කර ඇති බව දැරියන්ගේ ප්‍රකාශ වලින් හෙළිවූ බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

දෙහිවල සෙන්චුරි දේවස්ථානයේ දේවගැතිවරයකු වන සයිරස් මොහාන් ජෝසප් නැමැත්තෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර එම දැරියන් රඳවා සිටි නේවාසිකාගාරය දෙහිවල දේවස්ථානයකට අනුබද්ධ එකක් බවද දැන ගැනීමට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
2
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?