දැනට ලොව සිටින ආක්‍රමණශීලී ම ඉබ්බන් සමග සත්ත්ව වර්ග රැසක් ගුවන්තොටේ දී අල්ලයි

වනජීවී සහ වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට එරෙහිව ශ්‍රී ලංකාවට බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ආනයනය කළ ලංකාවේ පරිසර පද්ධතියට බලපෑම් කළ හැකි ජලජ ජීවීන් පිරිසක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු ඊයේ (01) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත ලද බුද්ධි තොරතුරක් මත ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් එක්ව අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් තිදෙනා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි සුරතල් මසුන් ව්‍යාපාරික කටයුතුවල නිරත කාන්තාවක සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් ඊයෙ උදෑසන 09.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට ගැනුණේ සිදු කරන ලද සෝදිසියකින් අනතුරුවයි.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු තුළ රතු කන් ඉබ්බන්, ඇළි රතු කන් ඉබ්බන්, රතු වළිග මගුරන්, ඇළි කිඹුල් මත්ස්‍යයන්, විවිධ වර්ගවල ගොළුබෙල්ලන් සහ ඌරෙකුගේ මෙන් නාසයක් ඇති පිග් නෝස් ඉබ්බන් විශාල ප්‍රමාණයක් ද සිට තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති රතු කන් ඉබ්බන් වර්ග දෙක, දැනට ලෝකයේ සිටින ආක්‍රමණශීලී ම ඉබ්බන් විශේෂයක් බවත්, රතු වළිග මගුරන් ද, එම මසුන්ට වඩා විශාල මසුන් පවා ඉතා පහසුවෙන් ගිල දැමිය හැකි මත්ස්‍යයන් විශේෂයක් බවත් රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ උසස් නිලධාරීවරයෙකු ප්‍රකාශ කළ බවයි දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මේ වනවිට මෙම සතුන් රේගු නිලධාරීන් භාරයේ ඇති අතර, මේ පිළිබඳ ව මෙම සතුන් රැගෙන ආ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වනවා.

මේ පිළිබඳව සිදු කරන රේගු විමර්ශනයකින් පසුව මෙම ජලජ ජීවීන් තොගය ආපසු තායිලන්තය බලා ප්‍රති අපනයනය කිරීමට කටයුතු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57