දැඩි පාරිසරික විනාශයක් සිදු කළ සැකකරුවන් සයදෙනෙකු පොලිස් අත්අඩංගුවට

දැඩි පරිසර විනාශයක් ඇති කරමින් අනවසරයෙන් මහවැලි ගංගාවේ මැණික් ගැරීමේ ජාවාරමේ නිරත වූවන් සයදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගැනුණා.

ඊයේ (08) දිනයේ දී මෙම සැකකරුවන් ව අත් අඩංගුවට ගැනුණේ හැටන් සිට මහවැලි ගඟට ජලය ගලා බසිනා හැටන් ඔයේ බලපත්‍ර රහිතව මැණික් ගරමින් සිටි පිරිසක් ව නීතියේ රැහැනට පොලිසිය විසින් හසුකර ගැනීමත් සමගින්.

ගිනිගත් හේන පොලිස් වසමට අයත් දියගල ප්‍රදේශයේ හැටන් ඔයේ ඉවුරු හාරා ඒ තුළ වූ මැණික් ඉල්ලම් මෙලෙස ගරමින් සිටි බව ද දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන්, දික්ඔය, වටවල සහ ගිනිගත්හේන ප්‍රදේශවල පදිංචි අවුරුදු 40 – 50ත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත්, එම සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?