දැඩි උෂ්ණාධික කාලගුණයත් සමඟ මහජනතාවට දැනුම්දීමක්

මේ දිනවල දිවා කාලයේ පවතින දැඩි උෂ්ණාධික කාලගුණය මිනිස් සිරුරට අහිතකර බැවින් ජනතාව ඒ පිළිබඳව දැඩි සැළකිල්ලක් දැක්විය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,

“මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික හිරු රෂ්මියක් පතින වන බවක් දක්නට තිබෙනවා. මෙම තත්ත්වය එළිමහනේ වැඩ කටයුතු කරන අයට දැඩි ලෙස බලපෑම් කරන්න පුළුවන්. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හිරු රෂ්මිය තිබෙන අවස්ථාවල එළිමහනේ වැඩ කරනවා නම් හෝ වෙනත් කටයුත්තක නියැලෙනවා නම් ඒ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකරන ලෙසයි. එමෙන්ම මේ දිනවල දිවයිනේ බොහෝ පාසල්වල නිවාසාන්තර මළල ක්‍රීඩාඋත්සව පැවැත්වෙන බවක් දකින්න තිබෙනවා. පතිතවන හිරු රෂ්මිය වැඩිහිටියන්ට බලපෑමක් එල්ල කළ හැකි තත්ත්වයක තිබෙන්නේ නම් එහි බලපෑම පාසල් දරුවන්ට වැඩිවන්නට හැකි බවටයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා අප පාසල් බලධාරීන්ගෙන් මෙන්ම දෙම්වපියන්ගෙන් ද විශේෂයෙන් ඉල්ලා සිටින්නේ එළිමහනේ වැඩි වේලාවක් රැදී සිටින යම් කටයුත්තක ඔබ හෝ දරුවන් නිරත වන්නේ නම් පිරිසිදු පානීය ජලය ප්‍රමාණවත් තරම් භාවිතයට ගන්නා ලෙසයි. එමෙන්ම ක්‍රීඩා උත්සව පවත්වන්න පෙර ඒ සදහා සුදුසු වටපිටාවක් තිබේ ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් උපදෙස් ලබාගන්නා ලෙසත් අපි අධ්‍යාපන නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය කාලයේ ඇතැම් ප්‍රදේශවලින් ද මේ ආකාරයේ අවාසනාවන්ත සිදුවීම් වාර්තා වී තිබුණා. නැවතත් එවන් තත්ත්වයක් ඇති වන්නට පෙර තමයි අපි මේ පූර්ව දැනුවත් කිරීම අධ්‍යාපන බලධාරීන්ට සහ මහජනතාව වෙත නිකුත් කරන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?