ද්‍රවිඩ පක්ෂවල නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් – ජනපතිට යෝජනා තුනක්

දෙමළ ජාතික සන්ධානය ඇතුළු ද්‍රවිඩ පක්ෂවල නායකයින් ඊයේ (25) කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ගේ කොළඹ පිහිටි නිවසේ දී මෙම සාකච්ඡාව පැවති බවයි වාර්තා වන්නේ.

බලය බෙදීමේ දී ව්‍යවස්ථාව හා නීතිය ක්‍රියාත්මක කරමින් පළාත් සභා ඡන්දය පැවැත්වීම, නව ව්‍යවස්ථාවක් සකසා ඊට බලය බෙදීම ඇතුළත් කිරීම සහ දෙමළ ජනතාවගේ සියලු ඉඩම් යළි ඔවුන්ට ලබාදීම යන ප්‍රධාන යෝජනා තුනකට ඔවුන් එහිදී එකඟතාව පළ කර ඇති බවයි දැනගන්නට ලැබුනේ.

ඒ, අනුව එම යෝජනා ඉදිරියේ දී ජනාධිපතිවරයාට භාර දී සකච්ඡා කිරීමට එහි දී තීරණය වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.වී. විග්නේෂ්වරන්, එස්. ශ්‍රීධරන් සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු පිරිසක් ඊයේ (25) පැවති සාකච්ඡාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?