ද්‍රවිඩ පක්ෂවල නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් – ජනපතිට යෝජනා තුනක්

දෙමළ ජාතික සන්ධානය ඇතුළු ද්‍රවිඩ පක්ෂවල නායකයින් ඊයේ (25) කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ගේ කොළඹ පිහිටි නිවසේ දී මෙම සාකච්ඡාව පැවති බවයි වාර්තා වන්නේ.

බලය බෙදීමේ දී ව්‍යවස්ථාව හා නීතිය ක්‍රියාත්මක කරමින් පළාත් සභා ඡන්දය පැවැත්වීම, නව ව්‍යවස්ථාවක් සකසා ඊට බලය බෙදීම ඇතුළත් කිරීම සහ දෙමළ ජනතාවගේ සියලු ඉඩම් යළි ඔවුන්ට ලබාදීම යන ප්‍රධාන යෝජනා තුනකට ඔවුන් එහිදී එකඟතාව පළ කර ඇති බවයි දැනගන්නට ලැබුනේ.

ඒ, අනුව එම යෝජනා ඉදිරියේ දී ජනාධිපතිවරයාට භාර දී සකච්ඡා කිරීමට එහි දී තීරණය වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.වී. විග්නේෂ්වරන්, එස්. ශ්‍රීධරන් සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු පිරිසක් ඊයේ (25) පැවති සාකච්ඡාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රූලට යට තමයි දැන් හැමදේම වෙන්නේ - අහිංසක මිනිස්සු හිරබත් කනවා දැන්
02:20
Video thumbnail
කොට්ටහච්චිට කාන්තාවක් සැරටම දෙසයි - අපි වැහිලා ඉන්නකල් එයාලා පීක් වෙනවා..
02:07
Video thumbnail
චාමර බන්ධනාගාර සිද්ධිය ගැන කට අරියි - අපේ කාලේ නම් මාලිමාව රෙදි නැ#ව දඟලන්නේ
01:51
Video thumbnail
බිඳුනුවැව පරිශ්‍රයේ යෝධ නිදිකුම්බාවලට ෆුල් සුද්දයක් දුන්න හැටි - බැකෝ ගෙනල්ලා වටේම සුද්ද කරයි
06:08
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11