දළ ලකුණු ලබාගැනීම ගැන අපිව දැනුවත් කළේ නැහැ – ඇෆ්ගන් පුහුණුකරුගෙන් අමුතු කතාවක්

මෙවර ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ඊයේ (05) රාත්‍රියේ සිදු වුණා.

ඒ, පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු දෙකක තියුණු ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකර ගැනීමත් සමඟයි.

මෙම තරගය ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට, ශ්‍රී ලංකාව විසින් ලබාදුන් ලකුණු 292ක ඉලක්කය පන්දු ඕවර 37යි පන්දු 01 කදී සපුරාලීමට සිදුව තිබුණා.

ඒ, ඔවුන් මීට පෙර අඩු දළ ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගෙන තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් එම ඉලක්කය සපුරා ගන්නට අවසන් මොහොත තෙක් දැඩි උත්සාහයක නිරත වූ ඇෆ්ගනිස්ථානුවන්ගේ පිළිතුරු ඉනිම ලකුණු 289කට සීමා කරන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් ඇෆ්ගනිස්ථාන ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් කියා සිටියේ තම කණ්ඩායම නිවැරදි දළ ලකුණු ලබාගැනීමේ වේගය ගණනය කිරීම් පිළිබඳව නොදැන සිටි බවයි.

ශ්‍රී ලංකාවේ දළ ලකුණු ලබාගැනීමේ වේගය හා සසඳන විට ලකුණු 292ක ඉලක්කය පන්දු ඕවර 37යි එක් පන්දුවක දී සපුරාලීමට ඇෆ්ගනිස්තානය උත්සාහ කළ නමුත්, එහිදී ඔවුන් නොදැන සිටි කරුණ නම් ඕවර 37යි පන්දු 01කදී ලකුණු 292ක ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වූ පසුවත් සුපිරි 4 වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඔවුන්ට පැවති බවයි.

පන්දු ඕවර 37ක් නිමා වන විට ඇෆ්ගනිස්තානය කඩුලු 08කට ලකුණු 289ක් ලබා සිටි අතර, සුදුසුකම් ලැබීමේ කොන්දේසියට අනුව එක් පන්දුවක් තුළ ලකුණු 03ක් ලබා ගත යුතුව තිබුණා.

එහිදී ධනංජය ද සිල්වාගේ පන්දු යැවීමේ දී මුජීබ් උර් රහ්මාන් විශාල පහරක් වෙත ගොස් උඩ පන්දුවක් ලබා දී දැවී ගියා.

එම අවස්ථාවේ දී අනෙක් අන්තයේ සිටි ප්‍රහාරාත්මක පිතිකරු රෂීඩ් ඛාන් දණින් වැටී සිටියේ තරඟාවලියේ ඇෆ්ගනිස්ථානයේ ගමන අවසන් යැයි සිතමින්.

කෙසේ වෙතත් පසුව දැනගන්නට ලැබුණේ ඔවුන් පන්දු ඕවර 37.2 කින් ලකුණු 293 ක්, පන්දු ඕවර 37.3 කින් ලකුණු 294 ක්, පන්දු ඕවර 37.5 කින් ලකුණු 295 ක්, පන්දු ඕවර 38 කින් ලකුණු 296 ක් හෝ පන්දු ඕවර 38.1 කින් ලකුණු 297ක් ලබා ගත්තේ නම් ඇෆ්ගනිස්තානයේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය ශ්‍රී ලංකාවට වඩා ඉහළ අගයක් ගන්නා බවයි.

අවසානගේ ඇෆ්ගනිස්ථානයට සිදු වුණේ පන්දු ඕවර 37.4ක් තුළ ලකුණු 289ක් ලබාගෙන සිටිය දී සියල්ල දැවී සිය ඉනිම අවසන් කිරීමටයි.

කෙසේ වෙතත් නිලධාරීන් එම කොන්දේසි පිළිබඳව තම කණ්ඩායමට නිසි ආකාරයෙන් දැනුම් නොදුන් බවයි ඇෆ්ගනිස්ථාන ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් තරගයෙන් පසු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
27
+1
86
+1
29
+1
54
+1
19
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?