දළ ලකුණු ලබාගැනීම ගැන අපිව දැනුවත් කළේ නැහැ – ඇෆ්ගන් පුහුණුකරුගෙන් අමුතු කතාවක්

මෙවර ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ඊයේ (05) රාත්‍රියේ සිදු වුණා.

ඒ, පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු දෙකක තියුණු ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකර ගැනීමත් සමඟයි.

මෙම තරගය ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට, ශ්‍රී ලංකාව විසින් ලබාදුන් ලකුණු 292ක ඉලක්කය පන්දු ඕවර 37යි පන්දු 01 කදී සපුරාලීමට සිදුව තිබුණා.

ඒ, ඔවුන් මීට පෙර අඩු දළ ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගෙන තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් එම ඉලක්කය සපුරා ගන්නට අවසන් මොහොත තෙක් දැඩි උත්සාහයක නිරත වූ ඇෆ්ගනිස්ථානුවන්ගේ පිළිතුරු ඉනිම ලකුණු 289කට සීමා කරන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් ඇෆ්ගනිස්ථාන ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් කියා සිටියේ තම කණ්ඩායම නිවැරදි දළ ලකුණු ලබාගැනීමේ වේගය ගණනය කිරීම් පිළිබඳව නොදැන සිටි බවයි.

ශ්‍රී ලංකාවේ දළ ලකුණු ලබාගැනීමේ වේගය හා සසඳන විට ලකුණු 292ක ඉලක්කය පන්දු ඕවර 37යි එක් පන්දුවක දී සපුරාලීමට ඇෆ්ගනිස්තානය උත්සාහ කළ නමුත්, එහිදී ඔවුන් නොදැන සිටි කරුණ නම් ඕවර 37යි පන්දු 01කදී ලකුණු 292ක ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වූ පසුවත් සුපිරි 4 වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඔවුන්ට පැවති බවයි.

පන්දු ඕවර 37ක් නිමා වන විට ඇෆ්ගනිස්තානය කඩුලු 08කට ලකුණු 289ක් ලබා සිටි අතර, සුදුසුකම් ලැබීමේ කොන්දේසියට අනුව එක් පන්දුවක් තුළ ලකුණු 03ක් ලබා ගත යුතුව තිබුණා.

එහිදී ධනංජය ද සිල්වාගේ පන්දු යැවීමේ දී මුජීබ් උර් රහ්මාන් විශාල පහරක් වෙත ගොස් උඩ පන්දුවක් ලබා දී දැවී ගියා.

එම අවස්ථාවේ දී අනෙක් අන්තයේ සිටි ප්‍රහාරාත්මක පිතිකරු රෂීඩ් ඛාන් දණින් වැටී සිටියේ තරඟාවලියේ ඇෆ්ගනිස්ථානයේ ගමන අවසන් යැයි සිතමින්.

කෙසේ වෙතත් පසුව දැනගන්නට ලැබුණේ ඔවුන් පන්දු ඕවර 37.2 කින් ලකුණු 293 ක්, පන්දු ඕවර 37.3 කින් ලකුණු 294 ක්, පන්දු ඕවර 37.5 කින් ලකුණු 295 ක්, පන්දු ඕවර 38 කින් ලකුණු 296 ක් හෝ පන්දු ඕවර 38.1 කින් ලකුණු 297ක් ලබා ගත්තේ නම් ඇෆ්ගනිස්තානයේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය ශ්‍රී ලංකාවට වඩා ඉහළ අගයක් ගන්නා බවයි.

අවසානගේ ඇෆ්ගනිස්ථානයට සිදු වුණේ පන්දු ඕවර 37.4ක් තුළ ලකුණු 289ක් ලබාගෙන සිටිය දී සියල්ල දැවී සිය ඉනිම අවසන් කිරීමටයි.

කෙසේ වෙතත් නිලධාරීන් එම කොන්දේසි පිළිබඳව තම කණ්ඩායමට නිසි ආකාරයෙන් දැනුම් නොදුන් බවයි ඇෆ්ගනිස්ථාන ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් තරගයෙන් පසු වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14