දළ දේශීය නිෂ්පාදිතයට උතුරෙන් ලැබෙන දායකත්වය වැඩි කළ යුතුයි – සජිත් කියයි

මෙරට දළ දේශීය නිෂ්පාදිතයට උතුරුකරයෙන් ලැබෙන දායකත්වය ඉහළ දැමිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (12) යාපනය කෝපායි නීර්වේලි අත්තියර් හින්දු විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 233 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

බස්නාහිර පළාත දළ දේශීය නිෂ්පාදිතයට 43.4%ක දායකත්වයක් ලබා දෙන විට වයඹ පළාත 11.2%ක් සහ මධ්‍යම පළාත 10%ක දායකත්වයක් ලබා දෙන බව ද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.

මන්නාරම, වව්නියා, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යනාදී පරිපාලන දිස්ත්‍රික්ක 5ක් ඇති උතුරු පළාත දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වය ලබා දෙන්නේ 4.1%ක් වැනි අවම ප්‍රමාණයක් බව පෙන්වූ විපක්ෂ නායකවරයා මෙසේ උතුරු පළාතෙන් ලැබෙන දායකත්වය අඩු වීමට හේතුව උතුරේ ආර්ථික ක්‍රියාකාරීත්වය දුබල මට්ටමක පැවැතීම බවයි සඳහන් කළේ.

එබැවින් උතුරු පළාත රටට දෙන ආර්ථික සවිය වර්ධනය කළ යුතු බවට ද විපක්ෂ නායකවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07