දළදා වන්දනාමාන කරගැනීමට බැතිමතුන්ට සහාය දෙන්න විශේෂ බස් සහ දුම්රිය ධාවනයට එක්වෙයි (වීඩියෝ)

වසර 16කට පසුව පවත්වන සිරි දළදා වන්දනාව සඳහා දුර බැහැර සිට ගමන් කරන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවයක් සැලසීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අද (18) දින අලුයම 05ට කොළඹ – කොටුව දුම්රිය ස්ථානයෙන් විශේෂ ශීඝ්‍රගාමී දුම් රියක් මහනුවර බලා පිටත් ව යාම ඇරඹූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

දළදා වන්දනාමාන කර ගැනීමට පැමිණෙන බොහොමයක් බැතිමතුන් දුම්රියෙන් ගමන් කිරීමට උනන්දුවක් දක්වන බව දකින්නට ලැබුණා.

ඒ අනුව අද සිට අප්‍රේල් 28 දක්වා අලුයම 05ට කොළඹ – කොටුවෙන් මෙම විශේෂ ශීඝ්‍රගාමී දුම්රිය මහනුවර බලා ධාවනය වනු ඇති.

මීට අමතර ව අද දින සිට 28 තෙක් පෙරවරු 09.30ට සහ හෙට (19) දින අලුයම 02.20ට ද තවත් විශේෂ දුම්රියක් මහනුවර බලා ධාවනය වීමට නියමිතයි.

මීට අමතර ව දළදා වන්දනාමාන කරගැනීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ද මහනුවරට විශේෂ බස් රථ සේවාවක් සපයා තිබෙනවා.

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට විශේෂ ලංගම බස්රථ මහනුවර දක්වා යොදවා ඇති අතර මෙම බස් රථ අප්‍රේල් 29 දක්වා ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?