දළදා වන්දනාමාන කරගැනීමට බැතිමතුන්ට සහාය දෙන්න විශේෂ බස් සහ දුම්රිය ධාවනයට එක්වෙයි (වීඩියෝ)

වසර 16කට පසුව පවත්වන සිරි දළදා වන්දනාව සඳහා දුර බැහැර සිට ගමන් කරන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවයක් සැලසීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අද (18) දින අලුයම 05ට කොළඹ – කොටුව දුම්රිය ස්ථානයෙන් විශේෂ ශීඝ්‍රගාමී දුම් රියක් මහනුවර බලා පිටත් ව යාම ඇරඹූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

දළදා වන්දනාමාන කර ගැනීමට පැමිණෙන බොහොමයක් බැතිමතුන් දුම්රියෙන් ගමන් කිරීමට උනන්දුවක් දක්වන බව දකින්නට ලැබුණා.

ඒ අනුව අද සිට අප්‍රේල් 28 දක්වා අලුයම 05ට කොළඹ – කොටුවෙන් මෙම විශේෂ ශීඝ්‍රගාමී දුම්රිය මහනුවර බලා ධාවනය වනු ඇති.

මීට අමතර ව අද දින සිට 28 තෙක් පෙරවරු 09.30ට සහ හෙට (19) දින අලුයම 02.20ට ද තවත් විශේෂ දුම්රියක් මහනුවර බලා ධාවනය වීමට නියමිතයි.

මීට අමතර ව දළදා වන්දනාමාන කරගැනීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ද මහනුවරට විශේෂ බස් රථ සේවාවක් සපයා තිබෙනවා.

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට විශේෂ ලංගම බස්රථ මහනුවර දක්වා යොදවා ඇති අතර මෙම බස් රථ අප්‍රේල් 29 දක්වා ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38