AFC Banner
AFC Banner
Empty Ad

දළදා මාලිගා අයවැය ගිණුම් නඩුවේ ජය දියවඩන නිලමේවරයාට

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට එරෙහිව හිටපු බස්නායක නිළමේවරයෙකු වන සුදන්ත සේනානායක මහතා විසින් පවරා තිබූ නඩුවක් නිෂ්ප්‍රභා කරමින් නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රදීප් නිලංග දෑල මහතාට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව අද මහනුවර මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

කාර්තු අයවැය ගිණුම් නිසි ලෙස ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙනුයි හිටපු බස්නායක නිළමේවරයා මෙම නඩුව ගොනු කර තිබුණේ.

ඒ අනුව සුදන්ත සේනානායක මහතා විසින් අදාළ මුදල අධිකරණයේ දී දියවඩන නිළමේවරයා වෙත ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

2012 වසරේ දී සුදන්ත සේනානයක මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවේ කාර්තු අයවැය ගිණුම් වාර්තා නිසි ලෙස ඉදිරිපත් කර නොමැති බවට චෝදනා කරමින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබුණා.

එම නඩුව විභාගයට ගැනීමට තිබිය දී දියවඩන නිළමේවරයා විසින් ඊට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කරමින් සිදුකළ කරුණු දැක්වීමකට අනුවයි මහාධිකරණ විනිසුවරුවරයා නඩුව නිෂ්ප්‍රභ කරනු ලැබුවේ.

කාර්තු හතකරට අදාළව ගිණුම් වාර්තා නිසි ලෙස ඉදිරිපත් නොකළ බව කියමින් අදාළ නඩුව ගොනුකර තිබූ බැවින් එක් නඩුවකට රුපියල් 125,000 බැගින් රුපියල් ලක්ෂ පහක මුදලක් නඩු ගාස්තු වශයෙන් දෑල බණ්ඩාර මහතාට ගෙවන ලෙසටයි මහාධිකරණ විනිසුරුවරයා පෙත්සම්කරුට නියෝග කළේ.

එම නියෝගයට එරෙහිව අභියාචනා අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට සුදන්ත සේනානායක මහතා කටයුතු කර තිබූ අතර මහාධිකරණය මගින් ද අදාළ තීන්දුව ඒ ආකාරයෙන්ම තහවුරු කර තිබුණා.

ඊට එරෙහිව සුදන්ත සේනානායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අතර එහි දී අභියාචනාධිකරණයේ තීන්දුව වෙනස් කරමින් එක් නඩුකරයක් සඳහා රුපියල් 25000 බැගින් රුපියල් ලක්ෂයක් මුදලක් දෑල බණ්ඩාර මහතාට ගෙවන ලෙසටයි තීන්දුවක් ලබා දුන්නේ.

අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද මහනුවර මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා විසින් සිදු කරනු ලැබුවා.

දියඩවන නිළාමේ ප්‍රදීප් නිලංග දෑල වෙනුවෙන් සමන් තන්තිරිගේ මහතා ද සුදන්ත සේනානායක මහතා වෙනුවෙන් මතීෂ සෙනෙවිරත්න මහතා ද පෙනී සිටියා.

පසුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ දියවඩන නිලමේවරයා කියා සිටියේ එකම සුළු පිරිසක් විසින් එකම චෝදනා විවිධාකාරයෙන් නගමින් තමා අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කළ ද එම උත්සාහය සාර්ථක නොවූ බවයි.

සමස්ත බෞද්ධ ජනතාව වෙනුවෙන් තමා මෙම නඩුව ගොනු කළ බව සුදන්ත සේනානායක මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?