දසත බෝපත මෙත්මුනි සෑ පොසොන් කලාපය හෙටින් ඇරඹෙයි (වීඩියෝ)

පින්බර පොසොන් පොහොය දිනය නිමිත්තෙන් දිවයිනේ ප්‍රමුඛතම මාධ්‍ය ජාලයක් වූ දසත මාධ්‍ය ජාලය හා මෙත්මුනි සෑ තරුණ දම් සභාව එක්ව සංවිධානය කරන දසත බෝපත මෙත්මුනි සෑ පොසොන් කලාපය හෙට (21) සිට සත් දිනක් පුරා මහාරච්චිමුල්ල මෙත්මුනිසෑ පින්බිමේ දී සිදු කෙරෙනවා.

සම්බුදු සිසිල සිරිලක පුරා පැතිරවීමට මුල් වූ මිහිඳු මහානාහිමියන්ගේ ලංකා ගමන සිහිපත් කරන පොසොන් පොහොය යෙදෙන හෙට දිනයේ දසත බෝපත පොහොය දින විශේෂ වැඩසටහන දවස පුරා මෙත්මුනි මහා සෑ පින්බිමේදී පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර අවසන්.

මෙම සියලු වැඩසටහන් දසත ඔස්සේ සජීවීව විකාශය කරන අතර, විශේෂ අවස්ථා සුප්‍රීම් දසත නිවුස් ඔස්සේ දැකබලා ගැනීමට ඔබට අවස්ථාව උදා වෙනවා.

දසත බෝපත පුන්පොහෝ දින පුණ්‍යමහෝත්සවයට සමගාමීව අලව්ව මහාරච්චිමුල්ල මෙත්මුනි සෑයේ තැන්පත් කිරීම පිණිස තායිලන්තයේ සිට මෙරටට වැඩම කර වූ සම්බුදු පියාණන්ගේ නිසැක උත්තම ධාතුන් වහන්සේ මාතර සිට අලව්වට දින හතක් පුරා රථ පෙරහැරකින් වැඩම කරවූවා.

මාතර බෝධිය අසලින් උත්තම සර්වඥ ධාතුන්වහන්සේ රැගත් රිය පෙරහැර ගමන් ආරම්භ කළ මොහොතේ සිට මේ දක්වා මග දෙපස රැස්වූ අති විශාල බෞද්ධ ජනතාව ඊට දැක්වූවේ සුවිශේෂි වූ ගෞවරයක්.

ඊයේ (19) පස්වරුවේ සැදැහවතුන්ගේ රිය පෙරහැර සාධු නද මැද ගිරිඋල්ල, මාහාරගම බෝධිය අසලට ළඟාවුණා.

උතුම් වූ සර්වඥ ධාතුන්වහන්සේ රැගත් රිය පෙරහැරේ අවසන් අදියර වූ මහාරච්චිමුල්ල මෙත්මුනි සෑ පින්බිම වෙත පැමිණිම සඳහා  ගිරිඋල්ල මාහාරගම බෝධිය අසලින් පිටත් වීමට නියමිතව ඇත්තේ පොසොන් පොහොය යෙදෙන හෙට
දින පෙරවරුවේයි.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ‍ නිසැක උත්තම ධාතුන් වහන්සේ වැඩම කරවන රිය පෙරහැර මහා සංඝරත්නයේ සියක් නමක් පෙරටු කර ගනිමින් ගුවනින් සිදු කරන පුෂ්පෝපහාර මැද ගමන් කිරීමට නියමිතයි.

දසත මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ සුප්‍රීම් දසත අධ්‍යක්ෂ පී.එස්. මධුශංකගේ සුරතින් එසේ වැඩම කරවන ලද නිසැක උත්තම ධාතුන් වහන්සේ අලව්ව මහාරච්චිමුල්ල මෙත්මුනි මහාසෑ පින්බිමේ ධාතු මන්දිරයේදී තැන්පත් කරනු ලබනවා.

එතැන් සිට පුරා දින හතක් මුළුල්ලේ තායිලන්තයෙන් මෙරටට වැඩම වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සහ මහාරහත් ධාතුන් වහන්සේ 15 නමකගේ උත්තම ධාතුන් වහන්සේ පින් සිතින් වන්දනා කිරීමට සුවහසක් බෞද්ධ ජනතාවට අවස්ථාව උදා වනවා.

එලෙසම ලංකාවේ අලංකාරම හා දැවැන්තම තොරණ් රාජයා දැක බලා ගැනීමටත් මෙත්මුණි මහාසෑ පුදබිමට පැමිණෙන ඔබට හැකිවනවා.

සත් දිනක් පුරා දන්සැල් 14ක් ඔබ වෙනුවෙන්ම සංවිධානය කර තිබීම ද විශේෂත්වයක්.

දසත බෝපත පොසොන් පුන් පසළොස්වක පොහෝ දින පුන්‍ය මහෝත්සවයට සමඟාමීව හෙට සිට පුරා දින හතක් පුරා සුවහසක් බෞද්ධ ජනතාව වෙනුවෙන්ම සංවිධානය කරන ලබන මෙම මහාහැඟි පින්කමට පැමිණ හෝ නිවසේ සිටම එක්වී පින් රැස්කර ගන්නා ලෙස ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවට දසත මාධ්‍ය ජලය බැති සිතින් ආරාධනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46


?