දසත බෝපත මෙත්මුනි සෑ පොසොන් කලාපය හෙටින් ඇරඹෙයි (වීඩියෝ)

පින්බර පොසොන් පොහොය දිනය නිමිත්තෙන් දිවයිනේ ප්‍රමුඛතම මාධ්‍ය ජාලයක් වූ දසත මාධ්‍ය ජාලය හා මෙත්මුනි සෑ තරුණ දම් සභාව එක්ව සංවිධානය කරන දසත බෝපත මෙත්මුනි සෑ පොසොන් කලාපය හෙට (21) සිට සත් දිනක් පුරා මහාරච්චිමුල්ල මෙත්මුනිසෑ පින්බිමේ දී සිදු කෙරෙනවා.

සම්බුදු සිසිල සිරිලක පුරා පැතිරවීමට මුල් වූ මිහිඳු මහානාහිමියන්ගේ ලංකා ගමන සිහිපත් කරන පොසොන් පොහොය යෙදෙන හෙට දිනයේ දසත බෝපත පොහොය දින විශේෂ වැඩසටහන දවස පුරා මෙත්මුනි මහා සෑ පින්බිමේදී පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර අවසන්.

මෙම සියලු වැඩසටහන් දසත ඔස්සේ සජීවීව විකාශය කරන අතර, විශේෂ අවස්ථා සුප්‍රීම් දසත නිවුස් ඔස්සේ දැකබලා ගැනීමට ඔබට අවස්ථාව උදා වෙනවා.

දසත බෝපත පුන්පොහෝ දින පුණ්‍යමහෝත්සවයට සමගාමීව අලව්ව මහාරච්චිමුල්ල මෙත්මුනි සෑයේ තැන්පත් කිරීම පිණිස තායිලන්තයේ සිට මෙරටට වැඩම කර වූ සම්බුදු පියාණන්ගේ නිසැක උත්තම ධාතුන් වහන්සේ මාතර සිට අලව්වට දින හතක් පුරා රථ පෙරහැරකින් වැඩම කරවූවා.

මාතර බෝධිය අසලින් උත්තම සර්වඥ ධාතුන්වහන්සේ රැගත් රිය පෙරහැර ගමන් ආරම්භ කළ මොහොතේ සිට මේ දක්වා මග දෙපස රැස්වූ අති විශාල බෞද්ධ ජනතාව ඊට දැක්වූවේ සුවිශේෂි වූ ගෞවරයක්.

ඊයේ (19) පස්වරුවේ සැදැහවතුන්ගේ රිය පෙරහැර සාධු නද මැද ගිරිඋල්ල, මාහාරගම බෝධිය අසලට ළඟාවුණා.

උතුම් වූ සර්වඥ ධාතුන්වහන්සේ රැගත් රිය පෙරහැරේ අවසන් අදියර වූ මහාරච්චිමුල්ල මෙත්මුනි සෑ පින්බිම වෙත පැමිණිම සඳහා  ගිරිඋල්ල මාහාරගම බෝධිය අසලින් පිටත් වීමට නියමිතව ඇත්තේ පොසොන් පොහොය යෙදෙන හෙට
දින පෙරවරුවේයි.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ‍ නිසැක උත්තම ධාතුන් වහන්සේ වැඩම කරවන රිය පෙරහැර මහා සංඝරත්නයේ සියක් නමක් පෙරටු කර ගනිමින් ගුවනින් සිදු කරන පුෂ්පෝපහාර මැද ගමන් කිරීමට නියමිතයි.

දසත මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ සුප්‍රීම් දසත අධ්‍යක්ෂ පී.එස්. මධුශංකගේ සුරතින් එසේ වැඩම කරවන ලද නිසැක උත්තම ධාතුන් වහන්සේ අලව්ව මහාරච්චිමුල්ල මෙත්මුනි මහාසෑ පින්බිමේ ධාතු මන්දිරයේදී තැන්පත් කරනු ලබනවා.

එතැන් සිට පුරා දින හතක් මුළුල්ලේ තායිලන්තයෙන් මෙරටට වැඩම වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සහ මහාරහත් ධාතුන් වහන්සේ 15 නමකගේ උත්තම ධාතුන් වහන්සේ පින් සිතින් වන්දනා කිරීමට සුවහසක් බෞද්ධ ජනතාවට අවස්ථාව උදා වනවා.

එලෙසම ලංකාවේ අලංකාරම හා දැවැන්තම තොරණ් රාජයා දැක බලා ගැනීමටත් මෙත්මුණි මහාසෑ පුදබිමට පැමිණෙන ඔබට හැකිවනවා.

සත් දිනක් පුරා දන්සැල් 14ක් ඔබ වෙනුවෙන්ම සංවිධානය කර තිබීම ද විශේෂත්වයක්.

දසත බෝපත පොසොන් පුන් පසළොස්වක පොහෝ දින පුන්‍ය මහෝත්සවයට සමඟාමීව හෙට සිට පුරා දින හතක් පුරා සුවහසක් බෞද්ධ ජනතාව වෙනුවෙන්ම සංවිධානය කරන ලබන මෙම මහාහැඟි පින්කමට පැමිණ හෝ නිවසේ සිටම එක්වී පින් රැස්කර ගන්නා ලෙස ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවට දසත මාධ්‍ය ජලය බැති සිතින් ආරාධනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39