දසත බෝපත පොසොන් ධර්ම යාත්‍රාව අද කිරිල්ලවලට

දසත බෝපත පොසොන් පුන් පොහෝ දින පුණ්‍යමහෝස්ත්සවයට සමගාමී ව අලව්ව මහරච්චිමුල්ල, මෙත්මුණි මහා සෑයේ තැන්පත් කිරීම පිණිස තායිලන්තයේ සිට මෙරටට වැඩම කරවූ බුදුරජාණන් වහන්සේගේ නිසැක උත්තම ධාතූන්වහන්සේ ගල්කිස්ස ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ සිට කිරිල්ලවල ශ්‍රී ජයවර්ධන විහාරය දක්වා වැඩම කරවීම අද (18) පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ අනුව ගල්කිස්සේ සිට නුවර පාර ඔස්සේ කිරිල්ලවල දක්වා මඟ දෙපස රැස්ව සිටින සැඳැහැවත් ජනතාව මෙම උත්තම ධාතූන්වහන්සේ වැඳ පුදාගැනීමට අවස්ථාව හිමිවනවා.

දසත බෝපත පොසොන් පුන් පොහෝ දින පුන්‍ය මහෝස්තවයට සමගාමීව තායිලන්තයෙන් වැඩම කරවන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ නිසැක උත්තම සර්වඥ ධාතූන් වහන්සේ මාතර සිට අලව්ව දක්වා වන දින හතක රථ පෙරහැරකින් වැඩමවීමේ පුණ්‍යෝත්සවය පසුගිය දා ආරම්භ වුණේ මාතර බෝධිය අසළින්.

ඊයේ (17) දූව පන්සලේ සිට ගමන් ආරම්භ කළ උත්තම සර්වඥ ධාතූන්වහන්සේ රැගත් රථ පෙරහර ගල්කිස්ස ශ්‍රී සුමනාරාම විහාරස්ථානය වෙත ළඟා වුණා.

පොසොන් පුණ්‍ය මහෝස්තවය වෙනුවෙන් දසත බෝපත පිංකම් මාලාවට සමගාමීව සර්වඥ ධාතූන්වහන්සේලා වැඩමකරවීම ගල්කිස්ස ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ සිට ආරම්භ වුණේ ධාතූන්වහන්සේ වෙනුවෙන් කිරි ආහාර පූජාව පැවැත්වීමෙන් අනතුරුවයි.

ඉන් අනතුරුව අද පෙරවරු 8.00 ට පමණ රිය පෙරහැර ගමන් ඇරඹුවේ සැදැහවතුන්ගේ සාදුකාර මධ්‍යයේයි.

ගල්කිස්ස ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ සිට උත්තම සර්වඥ ධාතූන් වහන්සේ වැඩමවූ මග දෙපස ධාතූන් වහන්සේ වන්දනා කර ගැනීම වෙනුවෙන් සැදැහවතුන් බොහෝ පිරිසක් එක්ව සිටියා.

අද පෙරවරුවේ ධාතූන්වහන්සේ රැගත් රථ පෙරහර බෙල්ලන්විල රජමහා විහාරස්ථානය දක්වා පැමිණි අතර, එහි රැස්ව සිටි ජනයාගේ වන්දනාවට පාත්‍රවෙමින් යළි ගමන් අරඹා පස්වරුවේ කිරිල්ලවල ශ්‍රී ජයවර්ධන විහාරය දක්වා පැමිණියා.

ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර හෙට පෙරවරු 8.00 ට කිරිල්ලවල ශ්‍රී ජයවර්ධන විහාරයෙන් ගමන් අරඹා මීරිගම ඔස්සේ මාහාරගම බෝධිය දක්වා පැමිණීමට නියමිතයි.

එම රථ පෙරහැර අලව්ව – මහරච්චිමුල්ල මෙත්මුණි මහා සෑ පින් බිම වෙත පැමිණීම සඳහා ලබන බ්‍රහස්පතින්දා පෙරවරු 8.00ට මහරගම බෝධිය අසලින් පිටත්වීමට සැලසුම් කර තිබෙනවා.

එලෙස ගමන් අරඹන ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිසැක උත්තම ධාතුන් වහන්සේ වැඩම කරවන මහ පෙරහැර, මහා සංඝරත්නය 100 නමක් පෙරටු කොටගනිමින් ගුවනින් සිදු කරන පුෂ්ප උපහාර මැද දසත බෝපත සංකල්පයේ නිර්මාතෘ දසත මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ සුප්‍රීම් දසත අධ්‍යක්ෂ පී.එස්.මධුසංක මහතාගේ සුරතින් අලව්ව – මහරච්චිමුල්ල මෙත්මුණි මහා සෑ පින් බිමේ ධාතු මන්දිරයේ තැන්පත් කරනු ලබනවා.

ජූනි 21 වැනිදා සිට පුරා දින හතක් මුළුල්ලේ එලෙස තැන්පත් කෙරෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිසැක උත්තම ධාතුන් වහන්සේ සහ මහරහත් ධාතුන් වහන්සේ පහළොස් නමකගේ උත්තම ධාතුන් වහන්සේලා වන්දනා කිරීමට ඔබටත් අවස්ථාව
හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?