දසත බෝපත පොසොන් ධර්ම යාත්‍රාව අද කිරිල්ලවලට

දසත බෝපත පොසොන් පුන් පොහෝ දින පුණ්‍යමහෝස්ත්සවයට සමගාමී ව අලව්ව මහරච්චිමුල්ල, මෙත්මුණි මහා සෑයේ තැන්පත් කිරීම පිණිස තායිලන්තයේ සිට මෙරටට වැඩම කරවූ බුදුරජාණන් වහන්සේගේ නිසැක උත්තම ධාතූන්වහන්සේ ගල්කිස්ස ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ සිට කිරිල්ලවල ශ්‍රී ජයවර්ධන විහාරය දක්වා වැඩම කරවීම අද (18) පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ අනුව ගල්කිස්සේ සිට නුවර පාර ඔස්සේ කිරිල්ලවල දක්වා මඟ දෙපස රැස්ව සිටින සැඳැහැවත් ජනතාව මෙම උත්තම ධාතූන්වහන්සේ වැඳ පුදාගැනීමට අවස්ථාව හිමිවනවා.

දසත බෝපත පොසොන් පුන් පොහෝ දින පුන්‍ය මහෝස්තවයට සමගාමීව තායිලන්තයෙන් වැඩම කරවන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ නිසැක උත්තම සර්වඥ ධාතූන් වහන්සේ මාතර සිට අලව්ව දක්වා වන දින හතක රථ පෙරහැරකින් වැඩමවීමේ පුණ්‍යෝත්සවය පසුගිය දා ආරම්භ වුණේ මාතර බෝධිය අසළින්.

ඊයේ (17) දූව පන්සලේ සිට ගමන් ආරම්භ කළ උත්තම සර්වඥ ධාතූන්වහන්සේ රැගත් රථ පෙරහර ගල්කිස්ස ශ්‍රී සුමනාරාම විහාරස්ථානය වෙත ළඟා වුණා.

පොසොන් පුණ්‍ය මහෝස්තවය වෙනුවෙන් දසත බෝපත පිංකම් මාලාවට සමගාමීව සර්වඥ ධාතූන්වහන්සේලා වැඩමකරවීම ගල්කිස්ස ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ සිට ආරම්භ වුණේ ධාතූන්වහන්සේ වෙනුවෙන් කිරි ආහාර පූජාව පැවැත්වීමෙන් අනතුරුවයි.

ඉන් අනතුරුව අද පෙරවරු 8.00 ට පමණ රිය පෙරහැර ගමන් ඇරඹුවේ සැදැහවතුන්ගේ සාදුකාර මධ්‍යයේයි.

ගල්කිස්ස ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ සිට උත්තම සර්වඥ ධාතූන් වහන්සේ වැඩමවූ මග දෙපස ධාතූන් වහන්සේ වන්දනා කර ගැනීම වෙනුවෙන් සැදැහවතුන් බොහෝ පිරිසක් එක්ව සිටියා.

අද පෙරවරුවේ ධාතූන්වහන්සේ රැගත් රථ පෙරහර බෙල්ලන්විල රජමහා විහාරස්ථානය දක්වා පැමිණි අතර, එහි රැස්ව සිටි ජනයාගේ වන්දනාවට පාත්‍රවෙමින් යළි ගමන් අරඹා පස්වරුවේ කිරිල්ලවල ශ්‍රී ජයවර්ධන විහාරය දක්වා පැමිණියා.

ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර හෙට පෙරවරු 8.00 ට කිරිල්ලවල ශ්‍රී ජයවර්ධන විහාරයෙන් ගමන් අරඹා මීරිගම ඔස්සේ මාහාරගම බෝධිය දක්වා පැමිණීමට නියමිතයි.

එම රථ පෙරහැර අලව්ව – මහරච්චිමුල්ල මෙත්මුණි මහා සෑ පින් බිම වෙත පැමිණීම සඳහා ලබන බ්‍රහස්පතින්දා පෙරවරු 8.00ට මහරගම බෝධිය අසලින් පිටත්වීමට සැලසුම් කර තිබෙනවා.

එලෙස ගමන් අරඹන ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිසැක උත්තම ධාතුන් වහන්සේ වැඩම කරවන මහ පෙරහැර, මහා සංඝරත්නය 100 නමක් පෙරටු කොටගනිමින් ගුවනින් සිදු කරන පුෂ්ප උපහාර මැද දසත බෝපත සංකල්පයේ නිර්මාතෘ දසත මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ සුප්‍රීම් දසත අධ්‍යක්ෂ පී.එස්.මධුසංක මහතාගේ සුරතින් අලව්ව – මහරච්චිමුල්ල මෙත්මුණි මහා සෑ පින් බිමේ ධාතු මන්දිරයේ තැන්පත් කරනු ලබනවා.

ජූනි 21 වැනිදා සිට පුරා දින හතක් මුළුල්ලේ එලෙස තැන්පත් කෙරෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිසැක උත්තම ධාතුන් වහන්සේ සහ මහරහත් ධාතුන් වහන්සේ පහළොස් නමකගේ උත්තම ධාතුන් වහන්සේලා වන්දනා කිරීමට ඔබටත් අවස්ථාව
හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23
Video thumbnail
පෞද්ගලික ගබඩාවකින් කොටුවූ පොහොර ගැන නලින්ද හෙළිකරයි - පුද්ගලයන් 9ක් අත්අඩංගුවට ගත්තා
01:30
Video thumbnail
මිනිස්සු හාමතේ මැ#නකොට අපිට බලාගෙන ඉන්න බැරිවුණා
09:08
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ හෝමාගම ගින්නේ නොදුටු දර්ශන පෙළක් - ආරක්ෂක අංශත් ඇවිත්
03:50
Video thumbnail
රටේ බහුතරයක් දිව්‍යලෝකෙට යවලා තමයි මේ ආණ්ඩුව ගෙදර යන්නේ
07:10