දසත බෝපත නිසැක උත්තම ධාතුන් වහන්සේ අද ගල්කිස්සට වැඩම කෙරේ (වීඩියෝ)

දසත බෝපත පොසොන් පුන් පොහෝ දින පුණ්‍ය මහෝත්සවයට සමගාමීව අලව්ව – මහරච්චිමුල්ල මෙත්මුණි මහා සෑයේ තැන්පත් කරවීම පිණිස තායිලන්තයෙන් මෙරටට වැඩම කරවූ බුදුරජාණන් වහන්සේගේ නිසැක උත්තම ධාතුන් වහන්සේ බේරුවල දූව පන්සලේ සිට ගල්කිස්ස දක්වා වැඩම කරවීම අද (17) උදෑසන ආරම්භ වුණා.

මග දෙපස රැස්වීමෙන් මෙම උත්තම ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට සැදැහැවත් ඔබට අවස්ථාව හිමිවනවා.

දසත බෝපත පොසොන් පුන් පොහෝ දින පුණ්‍ය මහෝස්තවයට සමගාමීව තායිලන්තයෙන් වැඩම කරවන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ නිසැක උත්තම සර්වඥ ධාතූන් වහන්සේ මාතර සිට අලව්ව දක්වා වන දින හතක රථ පෙරහැරකින් වැඩමවීමේ පුණ්‍ය උත්සවය පෙරේදා ආරම්භ වුණේ මාතර බෝධිය අසළින්.

ඊයේ (16) රත්ගම මහා මණ්ඩලාරාම විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කළ පෙරහැර මහත් ජනතා වන්දනාවට පාත්‍ර වෙමින් බේරුවල දූව පන්සල දක්වා වැඩම කරවූවා.

අද අලුයම දූව පන්සලේ දී ධාතූන් වහන්සේ වෙනුවෙන් කිරි ආහාර පූජාවක් පවත්වනු ලැබුවා.

ඉන් අනතුරුව බේරුවල දූව පන්සල අසලින් අද පෙරවරු 8.00 ට රිය පෙරහැර ගමන් ආරම්භ කළේ සැදැහවතුන්ගේ සාධුකාර මධ්‍යයේයි.

අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිසැක උත්තම සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවට මග දෙපස සැදැහවතුන් බොහෝ පිරිසක් එක්ව සිටියා.

මෙම පිංසාර චාරිකාව අද පස්වරුව වන විට ගල්කිස්ස ශ්‍රී සුමනාරාම විහාරස්ථානය වෙත ළඟා වීමට නියමිතයි.

හෙට පස්වැනි දිනයේ ගල්කිස්සේ සිට නුවර පාර ඔස්සේ කිරිල්ලවල, ශ්‍රී ජයවර්ධන විහාරයට මේ රථ පෙරහැර ගමන් කරනවා.

ජූනි 19 පෙරවරු 8.00 ට කිරිල්ලවල ශ්‍රී ජයවර්ධන විහාරයෙන් ගමන් අරඹා මීරිගම ඔස්සේ මාහාරගම බෝධිය දක්වා පැමිණෙන මේ රථ පෙරහැර අලව්ව – මහරච්චිමුල්ල මෙත්මුණි මහා සෑ පින් බිම වෙත ගමන් ආරම්භ කරන්නේ ජූනි 21 පෙරවරු 8.00ටයි.

එලෙස ගමන් අරඹන ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිසැක උත්තම ධාතුන් වහන්සේ වැඩම කරවන මහ පෙරහැර, මහා සංඝරත්නය 100 නමක් පෙරටු කොටගනිමින් ගුවනින් සිදු කරන පුෂ්ප උපහාර මැද දසත බෝපත සංකල්පයේ නිර්මාතෘ දසත මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ සුප්‍රීම් දසත අධ්‍යක්ෂ පී.එස්.මධුසංක මහතාගේ සුරතින් අලව්ව – මහරච්චිමුල්ල මෙත්මුණි මහා සෑ පින් බිමේ ධාතු මන්දිරයේ තැන්පත් කරනු ලබනවා.

ජූනි 21 වැනිදා සිට පුරා දින හතක් මුළුල්ලේ එලෙස තැන්පත් කරන ලද ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිසැක උත්තම ධාතුන් වහන්සේ සහ මහරහත් ධාතුන් වහන්සේ පහළොස් නමකගේ උත්තම ධාතුන් වහන්සේලා වන්දනා කිරීමට ඔබටත් අවස්ථාව හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46


?