දර කඩන්න රක්ෂිතයට ගිය තරුණයා අතුරුදහන්

බෝපත්තලාව රජයේ රක්ෂිතයේ දර කැඩීමට රක්ෂිතය තුළට පිවිසි තරුණයෙකු අතුරුදහන් වී ඇති වී තිබේ.

එම තරුණයා සොයා දින තුනක කාලයක් පොලිසිය සහ වතු කම්කරුවන් එක්ව ක්‍රියාත්මක කර ඇති නමුත් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නැතැයි බගවන්තලාව පොලීසිය පවසයි.

මාර්තු 9 වන දින උදෑසන අතුරුදන්ව ඇති තරුණයා බෝපත්තලාව රක්ෂිතයට දර කැඩීමට ගිය බවත්,මේ වන තෙක් ඔහු නිවසට නොපැමිණි බවත් පවසමින් ඔහුගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කර තිබේ.

එම තරුණයා නිතර දර කැඩීමට එම රක්ෂිතය තුළට පිවිසෙන බවත් ඔහු තම ජංගම දුරකතනය ද රැගෙන දර කැඩීමට ගොස් ඇති නමුත් මේ වන විට ඔහුගේ දුරකතනය ක්‍රියාවිරහිත වී ඇති බව බගවන්තලාව පොලීසිය පවසයි.

එසේ අතුරුදන්ව ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් ලින්ස්ටඩ් තේ වත්තේ ඉහළ කොටසේ පදිංචිව සිටි තිරුචෙල්වම් ප්‍රභාකරන් නැමති 26 හැවිරිදි තරුණයෙකි.

හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ සුනඛයෙකුගේ සහයෝගය ඇතුව ඊයේ (11) පස්වරුව වන තෙක් මෙහෙයුම් දියත් කලද අතුරුදහන් වු තරුණයා පිළිබඳ ව මෙතෙක් කිසිදු තොරතුරක් ලැබි නොමැත.

බගවන්තලාව පොලීසිය පවසනුයේ තරුණයාගේ ජංගම දුරකථනයෙන් ලබාගත් ඇමතුම් ඔස්සේ වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි.

159316951 225427052597238 7244666146588693775 n 1
264982 0 3

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?