දර කඩන්න රක්ෂිතයට ගිය තරුණයා අතුරුදහන්

බෝපත්තලාව රජයේ රක්ෂිතයේ දර කැඩීමට රක්ෂිතය තුළට පිවිසි තරුණයෙකු අතුරුදහන් වී ඇති වී තිබේ.

එම තරුණයා සොයා දින තුනක කාලයක් පොලිසිය සහ වතු කම්කරුවන් එක්ව ක්‍රියාත්මක කර ඇති නමුත් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නැතැයි බගවන්තලාව පොලීසිය පවසයි.

මාර්තු 9 වන දින උදෑසන අතුරුදන්ව ඇති තරුණයා බෝපත්තලාව රක්ෂිතයට දර කැඩීමට ගිය බවත්,මේ වන තෙක් ඔහු නිවසට නොපැමිණි බවත් පවසමින් ඔහුගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කර තිබේ.

එම තරුණයා නිතර දර කැඩීමට එම රක්ෂිතය තුළට පිවිසෙන බවත් ඔහු තම ජංගම දුරකතනය ද රැගෙන දර කැඩීමට ගොස් ඇති නමුත් මේ වන විට ඔහුගේ දුරකතනය ක්‍රියාවිරහිත වී ඇති බව බගවන්තලාව පොලීසිය පවසයි.

එසේ අතුරුදන්ව ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් ලින්ස්ටඩ් තේ වත්තේ ඉහළ කොටසේ පදිංචිව සිටි තිරුචෙල්වම් ප්‍රභාකරන් නැමති 26 හැවිරිදි තරුණයෙකි.

හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ සුනඛයෙකුගේ සහයෝගය ඇතුව ඊයේ (11) පස්වරුව වන තෙක් මෙහෙයුම් දියත් කලද අතුරුදහන් වු තරුණයා පිළිබඳ ව මෙතෙක් කිසිදු තොරතුරක් ලැබි නොමැත.

බගවන්තලාව පොලීසිය පවසනුයේ තරුණයාගේ ජංගම දුරකථනයෙන් ලබාගත් ඇමතුම් ඔස්සේ වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි.

159316951 225427052597238 7244666146588693775 n 1
264982 0 3



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51
Video thumbnail
"අපි හැමෝම අතින් සුළු සුළු වැරදි වෙනවා" ඥානසාර හිමිට නිදහස පතා අත්සන් දස ලක්ෂයේ වැඩසටහන කළුතරදී
01:43
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ හිමිවරුන් - සමහර රජයන්ට ස්වාමීන්වහන්සේලා හරිම අප්‍රියයි
06:19