පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ උන්වහන්සේ නිදහස් කරගැනීම උදෙසා වූ පා ගමන මහා සංඝරත්නයේ මුලිකත්වයෙන් අද (10) පෙරවරුවේ ආරම්භ වුණා.
ඒ, මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන්.
“සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව” තේමාකර ගත් මෙම “නිදහසේ පාද යාත්‍රාව” ආරම්භවීමට පෙර මහනුවර මඟුල් මඩුවේදී විශේෂ ආශිර්වාද සත්‍ය ක්‍රියාවක් ද සිදුකරනු ලැබුවා.
මෙම නිදහසේ පාද යාත්‍රාව අද දිනයේ මහනුවර සිට කඩුගන්නාව දක්වා ගමන් කරන අතර, හෙට (11) දිනයේ කඩුගන්නාව සිට කෑගල්ල දක්වා ගමන් ගන්නවා.
ලබන 12 වනදා කෑගල්ල සිට වරකාපොළ දක්වාත්, 13 වනදා වරකාපොළ සිට නිට්ටඹුව දක්වාත් නිදහසේ පාද යාත්‍රාව ගමන් කිරීමට නියමිතයි.
ඔක්තෝබර් 14 වනදා නිට්ටඹුව සිට කඩවත දක්වා ගමන් කරන මෙම පාද යාත්‍රාව 15 වනදා කඩවත සිට ඥානසාර හිමියන් සිරගත කර සිටින වැලිකඩ බන්ධනාගාරය දක්වා ගමන්කර අවසන් වීමට නියමිතව තිබෙනවා.
