දර කඩන්න ගිහින් දිවියෙක් නිසා දවස් දෙකක් ගහක් උඩ

දර කැඩීමට ගිය පුද්ගලයෙකු මතට දිවියකු පැනීම හේතුවෙන් ඔහු ගංවතුරට වැටී ගසාගෙන ගොස් දින දෙකක කාලයක් ගසක රැඳී සිටියදී ගම්වාසීන් විසින් බේරා ගෙන තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ මනම්පිටිය මාගංතොට ප්‍රදේශයෙන්. මෙම අනතුරට මූණ පා ඇත්තේ මාගංතොට ගම්මානයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු පසුගිය පළමුවනදා උදෑසන කැලෑ බද ප්‍රදේශයකට දර සෙවීම සඳහා තනියම ගොස් ඇති අතර එහිදීයි ඇඟට දිවියකු පැන ඇත්තේ.

එහිදී ගංවතුරට වැටුණු ඔහු කිලෝ මීටර් 9ක් පමණ දුර ගසාගෙන ගොස් තිබෙනවා.

තම සැමියාගේ අතුරුදන්වීම පිළිබඳ ඔහුගේ බිරිඳ මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර අනතුරුව ගම්මානයේ තරුණයන් ඇතුළු කණ්ඩායමක් ඔහු සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

එම මෙහෙයුමේදී කරපොළ ප්‍රදේශයේ අඩි 12ක් පමණ උසැති මයිල ගසක මෙම පුද්ගලයා සිටින ආකාරය ගම්වාසීන් දැක ඇති අතර පසුව තරුණයන් විසින් ඔහු කිලෝ මීටර් 10ක් පමණ කරේ තබාගෙන නිවසට රැගෙනැවිත් තිබෙනවා.

අතුරුදන්ව සිටි මෙම පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ ගස මත රැඳී සිටි දින දෙක ඇතුළත තමන් මයිල ගහේ කරල් සහ පොතු ගලවා ආහාරයට ලබාගත් බවයි.

තම සිරුරට දිවියා පැනීමෙන් අනතුරුව තමන් වතුරට වැටී ගසාගෙන ගිය බවත්, එහිදී තමන් මයිල ගසක් අසල රැඳීමෙන් අනතුරුව ඊට නැග දින දෙකක් ගත කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
4
+1
11
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 06.02.2026
00:00
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය
00:41
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය කොහොමද ?
03:24


?