spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දර කඩන්න ගිහින් දිවියෙක් නිසා දවස් දෙකක් ගහක් උඩ

දර කැඩීමට ගිය පුද්ගලයෙකු මතට දිවියකු පැනීම හේතුවෙන් ඔහු ගංවතුරට වැටී ගසාගෙන ගොස් දින දෙකක කාලයක් ගසක රැඳී සිටියදී ගම්වාසීන් විසින් බේරා ගෙන තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ මනම්පිටිය මාගංතොට ප්‍රදේශයෙන්. මෙම අනතුරට මූණ පා ඇත්තේ මාගංතොට ගම්මානයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු පසුගිය පළමුවනදා උදෑසන කැලෑ බද ප්‍රදේශයකට දර සෙවීම සඳහා තනියම ගොස් ඇති අතර එහිදීයි ඇඟට දිවියකු පැන ඇත්තේ.

එහිදී ගංවතුරට වැටුණු ඔහු කිලෝ මීටර් 9ක් පමණ දුර ගසාගෙන ගොස් තිබෙනවා.

තම සැමියාගේ අතුරුදන්වීම පිළිබඳ ඔහුගේ බිරිඳ මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර අනතුරුව ගම්මානයේ තරුණයන් ඇතුළු කණ්ඩායමක් ඔහු සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

එම මෙහෙයුමේදී කරපොළ ප්‍රදේශයේ අඩි 12ක් පමණ උසැති මයිල ගසක මෙම පුද්ගලයා සිටින ආකාරය ගම්වාසීන් දැක ඇති අතර පසුව තරුණයන් විසින් ඔහු කිලෝ මීටර් 10ක් පමණ කරේ තබාගෙන නිවසට රැගෙනැවිත් තිබෙනවා.

අතුරුදන්ව සිටි මෙම පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ ගස මත රැඳී සිටි දින දෙක ඇතුළත තමන් මයිල ගහේ කරල් සහ පොතු ගලවා ආහාරයට ලබාගත් බවයි.

තම සිරුරට දිවියා පැනීමෙන් අනතුරුව තමන් වතුරට වැටී ගසාගෙන ගිය බවත්, එහිදී තමන් මයිල ගසක් අසල රැඳීමෙන් අනතුරුව ඊට නැග දින දෙකක් ගත කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
4
+1
11
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?