IPl 2025 අවසන් මහා සටනට තමන් අද (03) රාත්‍රියේ දී එක් වන බව Phil Salt නිවේදනය කර තිබෙනවා.
අද රාත්‍රියේ දී පන්ජාබ් කින්ග්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් මහා තරගයේ දී මේ වන තෙක් Phil Salt ගේ සහභාගීත්වය RCB වෙත අවිනිශ්චිත මට්ටමකයි පැවැතියේ.
පසුගියදා සෝල්ට් යළිත් තම මව්බිම බලා ගියේ තම දරුවාගේ උපත වෙනුවෙන්.
ඉන් අනතුරුව ෆිල් සෝල්ට්ගේ අවිනිශ්චිතතාව හේතුවෙන් RCB වරුන් සිටියේ මෙතෙක් තරගාවලිය පුරා ම දැවැන්ත ශක්තියක් වූ පිතිකරුවෙකුගේ අහිමි වීම ද අතැතිවයි.
කෙසේවෙතත් අද පස්වරුව වන විට ෆිල් සෝල්ට් යළිත් අවසන් මහා තරගය පැවැත්වෙන අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය වෙත පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.
2016 දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ඇති වූ හද කම්පා කරවන පරාජයෙන් පසු IPL අවසන් මහා තරගයට සෝල්ට් ක්‍රීඩා කිරීමට නියමිත වීම RCB කණ්ඩායමට විශාල ශක්තියක් වනු ඇති බවයි ක්‍රීඩා විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ.





