AFC Banner
AFC Banner
Empty Ad

දරු තිදෙනා සමඟ ළිඳට පැන්න අම්මා ලියපු අන්තිම ලියුම මෙන්න

තම උපන් දිනය දිනයේම දරු තිදෙනා සමග ළිඳකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ මවක පිළිබඳ පසුගියදා අපට කිලිනොච්චි – වට්ටකච්චි ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙහිදි දරුවන්ගේ ජිවිතය බේරාගෙන තිබුණ ද දරු තිදෙනාට දිවි බේරා ගැනීමට හැකි වී නැහැ. ඇය මෙලෙස ලිඳට පැන ඇත්තේ ලිපියක් ලියා තබා ය. එම ලිපියේ සදහන් වන්නේ සැමියාගෙන් එල්ල වන හිරිහැර ඉවසා ගත නොහැකිවීම මෙම තීරණය ගත් බවයි. 38 වයස කාන්තාවක සිය දරුවන් තිදෙනා ද සමඟින් වට්ටකච්චි පුල්ලෙයාර් කොවිලේ පිහිටි ළිඳට පැන සිය දිවි හානි කරගැනීමට උත්සහ කර තිබුණේ ඊයේ පස්වරු 3.30ට පමණ.ඒ කිලිනොච්චිය – වට්ටකච්චි ප්‍රදේශයේ

දරුවන් තිදෙනා ළිඳට දමා එම ළිඳට පැන ඇති මව එහි ඇති ආධාරකයක එල්ලී, තමන් බේරා ගන්නා ලෙස පවසමින් කෑ ගසා තිබෙනවා. එම ශබ්දය ඇසුණු ප්‍රදේශවාසීන් පැමිණ මව බේරා ගැනීමට සමත්වුණා. එක් දරුවෙකුගේ සිරුර එම අවස්ථාවේදීම ගොඩ ගත් අතර අනෙක් දරුවන් දෙදෙනා සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ අඩි 20කට ආසන්න ජලය ඇති ළිඳ හිස් කරමින්. එහිදී සොයා ගැනුණු දරුවන් දෙදෙනාගේ සිරුරු ගොඩට ගැනුනා.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 7 හැවිරිදි කිරුබාකරන් කීර්තිකා, 5 හැවිරිදි කිරුබාකරන් අක්ෂයා යන දැරියන් සහ කිරුබාකරන් ඩෙනෝෂන් නමැති දෙහැවිරිදි දරුවායි.

බරපතළ තත්ත්වයේ පසුවන මව කිලිනොච්චි දිසා මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිය දිවි හානි කර ගැනීමට උත්සහ කිරීමට පෙර ඇය විසින් ලියූ ලිපියක සඳහන් වූයේ, සැමියාගෙන් එල්ලවන හිරිහැර ඉවසාගත නොහැකිව තමන් දරුවන් තිදෙනාද සමඟින් සිය දිවි හානි කරගන්නා බවයි.

ගමේ ජනතාවට මම කියනවා… මගේ නම නන්දා, මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා, මට නඩු තියෙනවා. මගේ සැමියා හුඟක් බීමතට පුරුදු වෙච්ච කෙනෙක්. එයා මට හුඟක් පහරදෙනවා. ගුටි කාලා මට එපා වෙලා තියෙන්නේ. අද මගෙ උපන්දිනය. ඔයාලා සියලු දෙනා එකතුවෙලා බේබද්දට දඬුවම් දෙන්න. මගේ මරණයට හේතුව මගේ ස්වාමිපුරුෂයා සහ ඔහුගේ පවුලේ අය. අපිව ආරක්ෂා කරන්න කවුරුත් හිටියේ නැහැ.

සසැදි පුවත – අම්මා කෙනෙක් දරු පැටවුන් තුන් දෙනා සමඟ ළිඳකට පනී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?