දරු තිදෙනා සමඟ ළිඳට පැන්න අම්මා ලියපු අන්තිම ලියුම මෙන්න

තම උපන් දිනය දිනයේම දරු තිදෙනා සමග ළිඳකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ මවක පිළිබඳ පසුගියදා අපට කිලිනොච්චි – වට්ටකච්චි ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙහිදි දරුවන්ගේ ජිවිතය බේරාගෙන තිබුණ ද දරු තිදෙනාට දිවි බේරා ගැනීමට හැකි වී නැහැ. ඇය මෙලෙස ලිඳට පැන ඇත්තේ ලිපියක් ලියා තබා ය. එම ලිපියේ සදහන් වන්නේ සැමියාගෙන් එල්ල වන හිරිහැර ඉවසා ගත නොහැකිවීම මෙම තීරණය ගත් බවයි. 38 වයස කාන්තාවක සිය දරුවන් තිදෙනා ද සමඟින් වට්ටකච්චි පුල්ලෙයාර් කොවිලේ පිහිටි ළිඳට පැන සිය දිවි හානි කරගැනීමට උත්සහ කර තිබුණේ ඊයේ පස්වරු 3.30ට පමණ.ඒ කිලිනොච්චිය – වට්ටකච්චි ප්‍රදේශයේ

දරුවන් තිදෙනා ළිඳට දමා එම ළිඳට පැන ඇති මව එහි ඇති ආධාරකයක එල්ලී, තමන් බේරා ගන්නා ලෙස පවසමින් කෑ ගසා තිබෙනවා. එම ශබ්දය ඇසුණු ප්‍රදේශවාසීන් පැමිණ මව බේරා ගැනීමට සමත්වුණා. එක් දරුවෙකුගේ සිරුර එම අවස්ථාවේදීම ගොඩ ගත් අතර අනෙක් දරුවන් දෙදෙනා සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ අඩි 20කට ආසන්න ජලය ඇති ළිඳ හිස් කරමින්. එහිදී සොයා ගැනුණු දරුවන් දෙදෙනාගේ සිරුරු ගොඩට ගැනුනා.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 7 හැවිරිදි කිරුබාකරන් කීර්තිකා, 5 හැවිරිදි කිරුබාකරන් අක්ෂයා යන දැරියන් සහ කිරුබාකරන් ඩෙනෝෂන් නමැති දෙහැවිරිදි දරුවායි.

බරපතළ තත්ත්වයේ පසුවන මව කිලිනොච්චි දිසා මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිය දිවි හානි කර ගැනීමට උත්සහ කිරීමට පෙර ඇය විසින් ලියූ ලිපියක සඳහන් වූයේ, සැමියාගෙන් එල්ලවන හිරිහැර ඉවසාගත නොහැකිව තමන් දරුවන් තිදෙනාද සමඟින් සිය දිවි හානි කරගන්නා බවයි.

ගමේ ජනතාවට මම කියනවා… මගේ නම නන්දා, මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා, මට නඩු තියෙනවා. මගේ සැමියා හුඟක් බීමතට පුරුදු වෙච්ච කෙනෙක්. එයා මට හුඟක් පහරදෙනවා. ගුටි කාලා මට එපා වෙලා තියෙන්නේ. අද මගෙ උපන්දිනය. ඔයාලා සියලු දෙනා එකතුවෙලා බේබද්දට දඬුවම් දෙන්න. මගේ මරණයට හේතුව මගේ ස්වාමිපුරුෂයා සහ ඔහුගේ පවුලේ අය. අපිව ආරක්ෂා කරන්න කවුරුත් හිටියේ නැහැ.

සසැදි පුවත – අම්මා කෙනෙක් දරු පැටවුන් තුන් දෙනා සමඟ ළිඳකට පනී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරගැනීම නීති විරෝධියි
03:38
Video thumbnail
රැකියා ඉල්ලා උපාධිධාරීන් ඉසුරුපාය වටලයි
03:59
Video thumbnail
තමන් ගැන නලින්ද කියපු කතාවට ගම්මන්පිල රිදෙන්නම දෙයි
04:10
Video thumbnail
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි
03:42
Video thumbnail
පොලු උස්සගෙන මිනිස්සුන්ට ග#හන්න යන රෝහලේ සිකුරිටි
01:06
Video thumbnail
තරහ රාශියෙන් හෙමිහිට යාළු රාශියට පැමිණෙන අලි -ටෙලිෆොන් මංගල්ලේ මේන් බලල්ලා
39:24
Video thumbnail
වැඩ තහනම් වූ පාර්ලිමේන්තුවේ නි.මහලේකම්ගෙන් පැමිණිල්ලක්
02:45
Video thumbnail
ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
12:19
Video thumbnail
පාසල් සංවර්ධන නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක
04:47
Video thumbnail
ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධිය නිසා බන්ධනාගාර ඉදිරිපිට උණුසුම් වෙයි
01:56


?