AFC Banner
Empty Ad
Empty Ad

දරු ගැබත් සමග ‘තවත් මවක්’ සමුගනී

කොවිඩ් ආසාදිත හතරවන ගර්භණී කාන්තා මරණය මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් වාර්තා වනවා.

තිස්සමහාරාම, යායගොඩ ප්‍රදේශයේ පදිංචි තුන්වන දරු උපත සඳහා සුදානම් වෙමින් සිටි කාන්තාවක් මෙලෙස මියගොස් තිබුණා.

මහරගම ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගී වීමෙන් පසු ඇයට සහ ස්වාමිපුරුෂයාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුව තිබෙනවා.

එම අවස්ථාවට සහභාගිවී සිටි පුද්ගලයින් 17 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර ඇතිවූ සංකුලතා හේතුවෙන් මෙම කාන්තාව ඊයේ මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?