දරුවන් සිටින දෙමව්පියන්ට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

අද (14) දිනය තුළ තම දරුවා සම්බන්ධයෙන් වැඩි අවදානයකින් කටයුතු කරන ලෙස පොලිසිය දෙමව්පියන් වෙත දැනුම් දෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ බාලවයස්කාර දරුවන් අද දිනයේ දී ඇතැම් නුසුදුසු ක්‍රියාකාරකම් වලට යොමුවන තත්ත්වයක් නිරීක්ෂණය වන බවයි.

ඒ, අනුව තම දරුවා සම්බන්ධයෙන් දෙමව්පියන් සහ වැඩිහිටියන් අවධානය යොමු කිරීම තුළින් මෙම තත්ත්වය පාලනය කරගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර අද (14) දිනට තුළ සංවිධානවන සාද සහ උත්සව සම්බන්ධයෙන් ද පොලිසිය දැඩි අවදානයෙන් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

එලෙස සංවිධානය කරනු ලබන සාද සහ උත්සවවල මත්ද්‍රව්‍ය භාවිත වීමේ ප්‍රවණතාවක් පවතී ද යන්න මෙලෙස පොලිස් නිලධාරීන් විසින් නිරීක්ෂණය කරන බව ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53