දරුවන් ඉගෙන ගනිද්දී මාතර පාසලක වහලයක් කඩා වැටිලා

මාතර – රත්මලේ – තලහිටියාගොඩ – පරාක්‍රම විද්‍යාලයේ සිසු දරුදැරියන් අධ්‍යාපනය හදාරන ගොඩනැගිල්ලක වහලයෙන් කොටසක් ඊයේ (15) උදෑසන 10ට පමණ කඩාවැටී තිබෙනවා.

වසර 60ක් පමණ වන මෙම ගොඩනැගිල්ල අබලන් තත්වයේ පවතින බවට දෙමවුපියන් මෙන්ම ගුරුවරුන්ද දිගින් දිගටම අදාල බලධාරීන් වෙත දැනුම්දී තිබුණත් එය බීරි අලින්ට වීනා වැයීමක් පමණක් වුණා.

කෙසේ වෙතත් නව පාසල් වාරය සදහා පාසල ආරම්භ වූ ඊයේ දිනයේ දරුවන් පාසලේ රැදී සිටින අවස්ථාවක මෙම වහලය කඩාවැටී තිබීම කෙතරම් ඛේදජනක තත්ත්වයක්ද.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිසු දැරියක්:
“ඊයෙ තමයි අපේ නව පාසල් වාරය පටන් ගත්තේ. ඊයේ අපේ බිල්ඩින් එක තවත් පහත් වෙලා තිබුණු නිසා ගුරුවරු අපි වෙන තැන් වලට දැම්මා.
අපි 10ට විතර විද්‍යාගාරයට යනකොට තමයි ලොකු සද්දයක් එක්ක මේ වහල කඩන් වැටුනේ. පෙර වාසනාවකට ළමයි කාටවත් හානියක් උනේ නෑ. අපිට ආරක්ෂිතව ඉගෙනගන්න අලුත් බිල්ඩින් එකක් හදල දෙන්න”
මේ පිළිබඳව අදහස් දැක්වූ මවක්:
“තලහිටියාගොඩ පරාක්‍රම විද්‍යාලයේ ප්‍රධාන ශාලාව අබලන්වීම ගැන මාධ්‍ය හරහා ලංකාවම දැනුවත් කලා. ඒත් අදාල බළධාරීන් කිසිම පියවරක් ගත්තෙ නෑ.
දැන් මේ ගොඩනැගිල්ලෙ පරාල, උලු කඩාගෙන වැටෙනකල් බලධාරීන් බලාගෙන හිටියෙ අපේ දරුවෙකුට අනතුරක් වෙනකල්ද?
දැන් පාසල කියන්නෙ මර උගුලක්. දැන් ළමයි ඉගෙන ගන්නෙ එළිමහනෙ පන්ති කාමරවල. බලධාරීන්ගේ ඇස් කන් ඇරිලනම් දැන්වත් ළමයින්ට ආරක්ෂිතව ඉගෙන ගන්න අලුත් ගොඩනැගිල්ලක් ලබාදෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.”

ළමුන් 100කට අධික ප්‍රමාණයක් මෙම විදුහලේ 1 වසරේ සිට 11 වසර දක්වා අධ්‍යාපනය ලබන අතර මෙම පාසල අධ්‍යාපන මට්ටමින් ඉතා හොඳ ප්‍රතිපල පෙන්වා තිබෙනවා.

මෙම කඩාවැටී ඇති ගොඩනැගිල්ලේ පන්ති කාමර 4ක් පමණ පවත්වාගෙන යන අතර මේ වන විට එම පන්තිකාමර තාවකාලික කූඩාරම් වල පවත්වාගෙන යනු ලැබීම අධ්‍යාපන බලධාරීන් ලැජ්ජා විය යුතු කාරණයක්.

මෙම ගොඩනැගිල්ලේ අනතුරුදායක තත්වය සම්බන්ධයෙන් මීට පෙරද මාධ්‍ය මගින් දැනුම්වත් කල අවස්ථාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා මෙම ගොඩනැඟිල්ල සාදා දීමට ඉදිරිපත් වුවද එම කාර්යය මගහැරි බවට දෙමවුපියන් චෝදනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09