AFC Banner
AFC Banner
Empty Ad

දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇතිකරනවා – අගමැති හරිනි

දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම වර්තමාන ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

වෘත්තීය අධ්‍යාපනය ද, අධ්‍යාපනයේ කොටසක්ම විය යුතු බව සදහන් කරන අග්‍රාමාත්‍යවරිය; වෘත්තීය අධ්‍යාපනය පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ ම දරුවන්ට විවෘත විය යුතු බවයි ඇය පවසන්නේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති හමුවක දී අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.

වෘත්තීය අධ්‍යාපනය යනු පාසල් අධ්‍යාපනයෙන් හැලෙන දරුවන්ට ලබාදෙන කුමක් හෝ විසඳුමක් නොවන බව කී අග්‍රාමාත්‍යවරිය; එවැනි වෘත්තිය අධ්‍යාපනයක් පිළිබඳව වත්මන් ආණ්ඩුව සැලසුම් නොකරන බවත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?