දරුවන්ට, තරුණ පරපුරට සංවේදී මානසික සෞඛ්‍යයක් බිහි කළ යුතුයි – අගමැතිනි (වීඩියෝ)

සියදිවි නසා ගැනීම් ඉහළ ගොස් ඇති පසුබිමක දරුවන්ට, තරුණ තරුණියන් හට සංවේදී වන ආකාරයේ මානසික සෞඛ්‍යයෙන් පිරිපුන් යහපත් හෙට දවසක් නිර්මාණය කිරීමේ රජයේ ප්‍රමුඛතම වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

‘රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට මුල්තැන දෙමු’ තේමාව යටතේ මෙවර ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම කොළඹ පදනම් ආයතනයේ දී අද (08) පෙරවරුවේ පැවැත්වුණා.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූයේ අග්‍රාමාත්‍යවරිය වන අතර ඇය උත්සව සභාව අමතමින් මේ බව කියා සිටියා.

රැකියා ස්ථානයේ දී වැඩජීවන සමතුලිතභාවය ගැන සැලකීමේ දී කාන්තාවන්ට විශේෂ පීඩාකාරී තත්ත්වයක් එල්ල වී ඇති ආකාරය නිරීක්ෂණය වන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

තමන්ට මෙම ක්ෂේත්‍රය හුරුපුරුදු විෂය පථයක් බවත්; මානසික සෞඛ්‍ය සහ මානසික යහපැවැත්ම ගැන මීට වඩා අවධානය යොමු කළ යුතු බව ද අගමැතිනිය පැවසුවා.

සමාජ පද්ධතිය ගැන ම අවධානය යොමු කරමින් මානසික සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම් සෙවීමට සිදු ව ඇති බැවින් දරුවන්ගේ මෙන් ම තරුණ පරපුරේ ද මානසික සෞඛ්‍ය යහපත් ආකාරයෙන් තහවුරු කිරීම සඳහා විශේෂ ප්‍රතිපත්ති සහ සැලසුම් සැකසීමේ අවශ්‍යතාව ද මෙහිදී උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පෙන්වා දී සිටියා.

මෙම විශේෂ අවස්ථාවට වැඩබලන සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?