දරුවන්ට, තරුණ පරපුරට සංවේදී මානසික සෞඛ්‍යයක් බිහි කළ යුතුයි – අගමැතිනි (වීඩියෝ)

සියදිවි නසා ගැනීම් ඉහළ ගොස් ඇති පසුබිමක දරුවන්ට, තරුණ තරුණියන් හට සංවේදී වන ආකාරයේ මානසික සෞඛ්‍යයෙන් පිරිපුන් යහපත් හෙට දවසක් නිර්මාණය කිරීමේ රජයේ ප්‍රමුඛතම වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

‘රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට මුල්තැන දෙමු’ තේමාව යටතේ මෙවර ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම කොළඹ පදනම් ආයතනයේ දී අද (08) පෙරවරුවේ පැවැත්වුණා.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූයේ අග්‍රාමාත්‍යවරිය වන අතර ඇය උත්සව සභාව අමතමින් මේ බව කියා සිටියා.

රැකියා ස්ථානයේ දී වැඩජීවන සමතුලිතභාවය ගැන සැලකීමේ දී කාන්තාවන්ට විශේෂ පීඩාකාරී තත්ත්වයක් එල්ල වී ඇති ආකාරය නිරීක්ෂණය වන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

තමන්ට මෙම ක්ෂේත්‍රය හුරුපුරුදු විෂය පථයක් බවත්; මානසික සෞඛ්‍ය සහ මානසික යහපැවැත්ම ගැන මීට වඩා අවධානය යොමු කළ යුතු බව ද අගමැතිනිය පැවසුවා.

සමාජ පද්ධතිය ගැන ම අවධානය යොමු කරමින් මානසික සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම් සෙවීමට සිදු ව ඇති බැවින් දරුවන්ගේ මෙන් ම තරුණ පරපුරේ ද මානසික සෞඛ්‍ය යහපත් ආකාරයෙන් තහවුරු කිරීම සඳහා විශේෂ ප්‍රතිපත්ති සහ සැලසුම් සැකසීමේ අවශ්‍යතාව ද මෙහිදී උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පෙන්වා දී සිටියා.

මෙම විශේෂ අවස්ථාවට වැඩබලන සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34