දරුකමට හදාවඩා ගත් දැරියට කුරිරු වූ හෙදිය සහ සැමියා පළා යද්දී පොලිස් දැලේ

50 හැවිරිදි හෙදියක් සහ ඇගේ සැමියා, ඔවුන් හදාවඩා ගත් හත් හැවිරිදි දැරියට පහර දී වද හිංසා කිරීමේ චෝදනාව මත දිල්ලි පොලිසිය මඟින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා ප්‍රදේශයේ පළායමින් සිටිය දී උත්තරකාන්ද් හි රූර්කි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් සැකකාර යුවළගේ පුතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන අතර තුර මොවුන් දෙදෙනා මෙලෙස පළායෑමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

රේණු කුමාරි නැමැති අදාළ කාන්තාව මධ්‍යම රජයේ රෝහලක හෙදියක් ලෙස සේවය කරන තැනැතියක් වන අතර, ඇය සහ ඇයගේ සැමියා වන ආනන්ද් කුමාර් විසින් කලක සිට ඔවුන් හදාගත් දැරියට මෙලෙස ශාරීරිකව දැඩිලෙස හිංසා කර ඇති බවයි අනවරණය වී ඇත්තේ.

සැකකාර හෙදිය වින්දිත දැරියගේ නැන්දා වන බවත්, ඇය විසින් දැරිය හදාවඩා ගැනීම සිදුකළ බවත් අනාවරණය වී තිබෙනවා.

මේ අතර දැරියගේ සිරුරේ තුවාල සලකුණු ඇතිබව දුටු ඇයගේ පාසල් ගුරුවරිය ඒ පිළිබදව පොලිසිය දැනුවත් කර තිබෙනවා.

පසුව පොලිසිය පැමිණ දැරියගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ඇය පවසා ඇත්තේ තමන් තම නැන්දා සමඟ ආර්කේපුරම් හි ජීවත් වන බවත් පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත්ය.

තමන් හදා ගැනීමට භාරගත් පළමු දිනයේ සිටම නැන්දා තමන්ට පහරදීමට පටන් ගත් බව දැරිය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

ඇය වැඩිදුරත් පවසා ඇත්තේ දෙසැම්බර් සහ ජනවාරි මාසවල ශීත ඍතුවේ දී ඇඳුමක් හෝ නොමැතිව නිවසේ වහලයේ සහ බැල්කනියේ නිදා ගැනීමට නැන්දනිය විසින් සැලැස්වූ බවයි.

මේ අතර දැරියගේ වෛද්‍ය වාර්තාවෙන් ඇයගේ සිරුරේ තුවාල සලකුණු 18කට වැඩි ප්‍රමාණයක් ඇති බවට අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර හෙදියක් සහ ඇගේ සැමියා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු දිල්ලි පොලිසිය විසින් මෙහෙයවනු ලබනවා.

කෙසේ වෙතත් දැරියගේ මව්පියන් සම්බන්ධයෙන් මෙම පුවත වාර්තා කර තිබූ ඉන්දීය මධ්‍ය කිසිඳු සඳහනක් නොකිරීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරන්දෙණිය සුද්දාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ සෙට් එකට වැඩ වරදියි
01:38
Video thumbnail
ධීවර යාත්‍රාවක් පෙ#ළී තරුණයන් දෙදෙනෙකු අතුරුදහන්..ගම්මු සිදුවූ සියල්ල හෙළිකරයි
04:01
Video thumbnail
ඩෝබිලා, පොල්ලෙලි, පාපිසිවලට ළඟදිම තේරෙයි මේක..ගල් අඟුරු හත්පොලේ ගාගෙන තටබනවා
02:16
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්වලා සුජීව සැරටම කිව්ව දේ.."තහඩුවක් ගියත් ලක්ෂ 10යි"මෙයාලා කයිය නායකලා
04:40
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බැහැලා
00:36
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බහියි
00:58
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41