දර්ශන හදුන්ගොඩ සී.අයි.ඩීයට කැඳවයි

මාධ්‍යවේදියකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරන දර්ශන හදුන්ගොඩට හෙට (25) පෙරවරු 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.

වසර ගණනාවක් පුරා යූටියුබ් නාලිකා නියෝජනය කරමින් පවතින දේශපාලන තත්ත්වයන් හා දූෂණ වංචාවන් හෙළිකරමින් සමාජය දැනුවත් කිරීමේ ක්‍රියාවන්හි ඔහු නිරත වී සිටිනවා.

පසුගිය මාස කීපය පුරාම SL දේශය යූ ටියුබ් නාලිකාව නියෝජනය කරමින් රටේ පවතින අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව සමාජය දැනුවත් කළා.

ඔහු විසින් ප්‍රකාශ කර ඇති වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අභ්‍යන්තර තොරතුරු වලට අනුව දර්ශන හදුන්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?