AFC Banner
AFC Banner
Empty Ad

දමිළ සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් අනතුරක

දමිළ සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක වන සූර්යා චිත්‍රපට රූගත කිරීමක් අනතුර සිදු වූ අනතුරකින් තුවාල ලබා තිබෙනවා.

ඔහු රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන කන්ගුවා හි රූගත කිරීම් අතර කැමරාවක් උරහිසට කඩා වැටීමෙන් ඔහු අනතුරට ලක්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් අදාළ චිත්‍රපටයේ රූගත කිරීම් ද අත්හිටුවා තිබෙනවා. කෙසේවෙතත් මේවන විට ජනප්‍රිය රංගන ශිල්පියා සුව අතට පත්වෙමින් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් පසු වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ ජනප්‍රිය රංගන ශිල්පියාට සති දෙකක පමණ කාලයක් ඇඳ විවේකයෙන් පසුවිය යුතු බවයි.

දමිළ සිනමාවේ ප්‍රමුඛ පෙළේ නළුවෙකු වන සූර්යා මේ දිනවල සිරුතයි ශිවාගේ අධ්‍යක්ෂණය යටතේ රූගත කෙරෙන ‘කන්ගුවා’ චිත්‍රපටයට රඟපෑමෙන් දායක වනවා. මෙම චිත්‍රපටයේ රූගත කිරීම් චෙන්නායි හි පී.වී.ආර්. ෆිල්ම් සිටි හි සිදුවෙමින් පවතිනවා. එහිදී සුර්යා සටන් ජවනිකාවකට රංගනයේ යෙදී සිටියදී රූගත කිරීම් සඳහා යොදාගත් කැමරාව හදිසියේ කඩා වැටීමෙන් ඔහුගේ උරහිසට තුවාල සිදුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සූර්යාගේ රසිකයන් කම්පාවට පත්වී ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් රංගන ශිල්පියාට ඉක්මන් සුවය පතා තිබුණා. මේ අතර ට්විටර් හි සටහනක් තබමින් සූර්යා තම සෞඛ්‍ය තත්වය පිළිබඳ අදහස් දක්වා තිබෙනවා.

“මගේ ආදරණීය මිතුරන්, සුභ පතන්නන් සහ මගේ ආදරණීය රසික රසිකාවියන්ට මගේ හදවතින්ම ස්තූතියි. මට දැන් හොඳටම සනීපයි. ඔබේ සියලු ආදරයට මම සැමවිටම කෘතඥ වෙනවා,”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?