දන්න සිංහලෙන් ස්තූතියි කියා ඉන්දියාවට ගිය රාසා ප්‍රමුඛ සිම්බාබ්වේ ක්‍රීඩකයෝ

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 දෙනාගේ තරග වටය අද (21) සිට ආරම්භ වනවා.

කණ්ඩායම් අටක් කාණ්ඩ දෙකක් යටතේ මෙහිදී තරග වැදීමට නියමිත අතර ශ්‍රී ලංකාව, නවසීලන්තය, පාකිස්ථානය සහ එංගලන්තය 01 කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි.

02 කාණ්ඩය යටතේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ යන රටවල් තරග වදිනවා.

01 කාණ්ඩය යටතේ පැවැත්වෙන සියලුම තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර, 02 කාණ්ඩය යටතේ පැවැත්වෙන තරග ඉන්දියාව තුළ පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර මූලික වටයේ තරග සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි 08 වටයේ තරග සඳහා ඊයේ (20) ඉන්දියාව බලා පිටත්ව ගියා.

එලෙස ඉන්දියාව බලා පිටත්ව ගිය සිම්බාබ්වේ කණ්ඩායාමේ නායක සිකන්දර් රාසා ශ්‍රී ලංකාව පිළිබඳව අපූරු සටහනක් සිය නිල එක්ස් ගිණුමට එක්කර තිබුණා.

ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වෙමින් පළකර තිබූ මෙම එක්ස් සටහනේ සිකන්දර් රාසා වැඩිදුරටත් දක්වා තිබුණේ ශ්‍රී ලංකාව සුන්දර සහ සුන්දර මිනිසුන් සිටින රටක් බවයි.

සිම්බාබ්වේ කණ්ඩායමට දැක්වූ සහයෝගය පිළිබඳව ද ඔහු මෙම එක්ස් සටහන මඟින් ස්තූතිය පළකර තිබුණා.

සිකන්දර් රාසා මෙම එක්ස් සටහන සිංහල භාෂාවෙන් පළකර තිබීම ද විශේෂත්වයක්.

” බොහෝම ස්තූතියි ශ්‍රී ලංකා. මං ශ්‍රී ලංකාවට ගොඩක් ආදරෙයි, සුන්දර රටක් සහ සුන්දර මිනිස්සු ඉන්න රටක්. බොහෝම ස්තූතියි අපිට දුන්නු සපෝට් එකට. ඉක්මනට හමුවෙමු. ශ්‍රී ලංකා ඉන් ෂා අල්ලාහ්”

2 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
1
+1
7
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34