දකුණේ පාතාල කණ්ඩායමකට සම්බන්ද අයෙක් මත්ද්‍රව්‍ය සහ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

මීටියාගොඩ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව හෙරොයින් සහ ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීටියාගොඩ, කිරලගහවෙල මංසන්දියේදි මෙම සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිගෑම් 5150ක් සොයා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

මොහු රත්ගම, සිරිකඳුරවත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයක්.

සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සැකකරු විසින් මීටියාගොඩ, අක්කර පහ ප්‍රදේශයේ කුරුඳු ඉඩමක සගවා තිබූ විදේශිය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ බෝර 12 වර්ගයේ උන්ඩ 04ක් ද සොයාගෙන තිබෙනවා.

පසුගිය 22 වැනි දින මීටියාගොඩ හන්දියේ අලුත්වල මාර්⁣ගයේ ගරාජයකට ගිනිඅවියක් රැගෙන පැමිණි දෙදෙනෙක් විසින් මනුෂ්‍ය ඝාතනයක් කිරිමට තැත්කළේ මෙම සොයාගත් ගිනි අවියෙන් ද යන්න පිළිබද පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CID‍යට පැමිණිල්ලක්..මොඩියුලයක ඇතුළත් නොවියයුතු වෙබ් අඩවියක නමක් තියෙනවා
08:16
Video thumbnail
DIGගෙන් හදවතට වදින සුපිරි කතාවක්..දිට්වා කළ විනාශයෙන් අහිංසක ජීවිත තවමත් පස් ය# ඉන්නවා
03:41
Video thumbnail
නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන ආ ගී රාජිනියගේ නිසල දේහය මහජන ගෞරව සඳහා දහවල් 1 දක්වා තැන්පත් කරයි
07:38
Video thumbnail
"අනේ අයියේ මූව ඉක්මනට ගෙනියපන්..අයියෝ"පස් දෙනෙක් රෝහල් ගතකළ බිහිසුණු අනතුර..
03:46
Video thumbnail
මග්ගොන වෙරළ තීරයෙන් අභිරහස් නිසල සිරුරක් හමුවෙලා..මිනිස්සු වටවෙලා බලන් ඉන්න හැටි
00:54
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:21:05
Video thumbnail
පොලිස්පති එක්ක වටගලත් ඇවිත් පොලිස් මූලස්ථානයේ කරපු දේ
01:36
Video thumbnail
හෙළයේ ගී කෝකිලාවියගේ නිසල දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන යන හැටි
01:48
Video thumbnail
වෙ# වැඳුණු බන්ධනාගාර රැඳවියා රැගෙන යන අයුරු..මෙන්න දැන් ලැබුණු එහි නවතම දර්ශන
01:09
Video thumbnail
නාගොඩ රෝහලේ දැඩි ආරක්ෂාවක් මැද සිටි බන්ධනාගාර රැඳවියෙකුට වෙ# පත්තු වෙයි
01:21


?