Empty Ad
AFC Banner
Empty Ad

දකුණු යුරෝපයේ රටවල් කිහිපයකට ඉදිරි දින දෙක ගැන අනතුරු ඇඟවීමක්

දකුණු යුරෝපය පුරා මේ දිනවල පැතිර යන දැඩි උෂ්ණාධික කාලගුණය හේතුවෙන් එම කලාපයට අයත් ඉතාලිය ඇතුළු රටවල් කිහිපයක උෂ්ණත්වය ඉදිරි දින දෙක තුළ සෙල්ෂියස් අංශක 48 ඉක්මවා යාහැකිබව යුරෝපීය කාලගුණ බලධාරීන් අනතරු අඟවනවා.

ඉදිරියේ දී මතුවිය හැකි අවදානම් තත්ත්වය අවම කිරීමේ පියවරක් වශයෙන් මේ වනවිට ඉතාලියේ රෝම අගනුවර ෆ්ලොරෙන්ස්, පලේර්මෝ, සිසිලි සහ බාරි ඇතුළුව නගර 16ක් සඳහා රක්ත වර්ණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

දැඩි උෂ්ණත්වය හේතුවෙන් දැනට දකුණු යුරෝපයේ මියගොස් ඇති ගණන 09ක්.

පෙරවරු 11.00 සිට සවස 6.00 දක්වා වූ කාලය තුළ නිවෙස් වලට වී කාලය ගත කරන ලෙසත් හැකිතාක් ජලය පානය කරන ලෙසත් ඉතාලි බලධාරීන් ජනතාවට උපදෙස් දී තිබෙනවා.

මේ අතර පවතින උෂ්ණාධික කාලගුණය පහත බසින තෙක් රෝම අගනුවර පැරණි නටබුන්වලින් පිරි ඓතිහාසික ස්ථාන නැරඹීමට ඒමෙන් වළකින ලෙස ඉතාලි සංචාරක අංශ බලධාරීන් දෙස් විදෙස් සංචාරකයින්ගෙන් ඉල්ලීමක්ද කර ඇති බව සඳහන්.

මේ අතර ග්‍රීසියේ ලෝකප්‍රකට පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙසද නැවත දැනුම්දෙන තුරු දිවා කාලයේ උෂ්ණත්වය අධිකව පවතින කාලවලදී එම ස්ථාන වස දැමීමටද ග්‍රීක බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙවැනිම දැඩි උෂ්ණත්වයක් පවතින ස්පාඤ්ඤයේ ස්ථාන කිහිපයකින් ලැව් ගිනි හටගෙන ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම පෙන්නන්නම් මම කවුද කියලා - අසේල නරක වචනවලින් ආණ්ඩුවට අමතයි
Video thumbnail
විනාඩි 28යි - සිංදුවෙන් ආණ්ඩුව හාන්සි කරවපු රෝහිත
Video thumbnail
සජබය - මාලිමාව සැපට ඇවිලෙයි කැතයි නේද - අනේ වාඩි වෙන්න ඔයා
07:40
Video thumbnail
රට පුරා උද්ඝෝෂණ නවත්තන්න ඕනිනම් මේක කරන්න
02:58
Video thumbnail
විමල්ට ලෙඩක් වැටෙයි - හදිසියේ මාධ්‍ය හමුවක් කැඳවයි
23:10
Video thumbnail
ඇසිල්ලෙන් මිසිං වෙන රිලව් - අල්ලන්න හදන බුද්ධිමත් ආණ්ඩුව
04:37
Video thumbnail
නාමල් බූරු කුට්ටමේ ජෝකර් වගේ ඇට පිටින් ගංජා ගහපු එකා වගේ කියවනවා
10:23
Video thumbnail
PRAHARAYA | ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:26:25
Video thumbnail
ඔයානේ හොරු අල්ලන්න ආපු ඇමති - සජබේ චමින්ද ඇමති වසන්ත උදේම ඇවිලෙයි
06:47
Video thumbnail
හෙට වර්ජනයට අපි නම් එන්නේ නෑ
09:57

?