දකුණු යුරෝපයේ රටවල් කිහිපයකට ඉදිරි දින දෙක ගැන අනතුරු ඇඟවීමක්

දකුණු යුරෝපය පුරා මේ දිනවල පැතිර යන දැඩි උෂ්ණාධික කාලගුණය හේතුවෙන් එම කලාපයට අයත් ඉතාලිය ඇතුළු රටවල් කිහිපයක උෂ්ණත්වය ඉදිරි දින දෙක තුළ සෙල්ෂියස් අංශක 48 ඉක්මවා යාහැකිබව යුරෝපීය කාලගුණ බලධාරීන් අනතරු අඟවනවා.

ඉදිරියේ දී මතුවිය හැකි අවදානම් තත්ත්වය අවම කිරීමේ පියවරක් වශයෙන් මේ වනවිට ඉතාලියේ රෝම අගනුවර ෆ්ලොරෙන්ස්, පලේර්මෝ, සිසිලි සහ බාරි ඇතුළුව නගර 16ක් සඳහා රක්ත වර්ණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

දැඩි උෂ්ණත්වය හේතුවෙන් දැනට දකුණු යුරෝපයේ මියගොස් ඇති ගණන 09ක්.

පෙරවරු 11.00 සිට සවස 6.00 දක්වා වූ කාලය තුළ නිවෙස් වලට වී කාලය ගත කරන ලෙසත් හැකිතාක් ජලය පානය කරන ලෙසත් ඉතාලි බලධාරීන් ජනතාවට උපදෙස් දී තිබෙනවා.

මේ අතර පවතින උෂ්ණාධික කාලගුණය පහත බසින තෙක් රෝම අගනුවර පැරණි නටබුන්වලින් පිරි ඓතිහාසික ස්ථාන නැරඹීමට ඒමෙන් වළකින ලෙස ඉතාලි සංචාරක අංශ බලධාරීන් දෙස් විදෙස් සංචාරකයින්ගෙන් ඉල්ලීමක්ද කර ඇති බව සඳහන්.

මේ අතර ග්‍රීසියේ ලෝකප්‍රකට පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙසද නැවත දැනුම්දෙන තුරු දිවා කාලයේ උෂ්ණත්වය අධිකව පවතින කාලවලදී එම ස්ථාන වස දැමීමටද ග්‍රීක බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙවැනිම දැඩි උෂ්ණත්වයක් පවතින ස්පාඤ්ඤයේ ස්ථාන කිහිපයකින් ලැව් ගිනි හටගෙන ඇති බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28