දකුණු මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය උර ගැන අනාවරණයක්

මත්ද්‍රව්‍ය රට තුළට ගෙන ඒම වැළෑක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන තීව්‍ර නාවික මෙහෙයුම් අතරතුරදී ලද විශ්වසනීය තොරතුරකුට අනුව, ඊයේ (14) දින උදෑසන කාලයේ, දකුණු දිග මුහුදේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා තිබු හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 839ක තොගයක් අඩංගු උර පනස් එකක් (51) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පසුව එම මත්ද්‍රව්‍ය අඩංගු උර තංගල්ල ධීවර වරාය වෙතට රැගෙනවිත් තිබූ අතර එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය සඳහා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්වන බානගොඩ ද ඊයේ පස්වරුවේ සභාභාගී වුණා.

අදාළ උර පනස් එක (51) සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂාවේදී, ඒ තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 670 ග්‍රෑම් 676ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 156 ග්‍රෑම් 542 ක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12 ග්‍රෑම් 36ක ප්‍රමාණයක් අඩංගු බවට තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමන ලද මෙම මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03
Video thumbnail
ලතා අම්මාට සමුදෙන්න ටීචර් අම්මත් එයි
01:49


?