දකුණු මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය උර ගැන අනාවරණයක්

මත්ද්‍රව්‍ය රට තුළට ගෙන ඒම වැළෑක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන තීව්‍ර නාවික මෙහෙයුම් අතරතුරදී ලද විශ්වසනීය තොරතුරකුට අනුව, ඊයේ (14) දින උදෑසන කාලයේ, දකුණු දිග මුහුදේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා තිබු හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 839ක තොගයක් අඩංගු උර පනස් එකක් (51) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පසුව එම මත්ද්‍රව්‍ය අඩංගු උර තංගල්ල ධීවර වරාය වෙතට රැගෙනවිත් තිබූ අතර එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය සඳහා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්වන බානගොඩ ද ඊයේ පස්වරුවේ සභාභාගී වුණා.

අදාළ උර පනස් එක (51) සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂාවේදී, ඒ තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 670 ග්‍රෑම් 676ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 156 ග්‍රෑම් 542 ක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12 ග්‍රෑම් 36ක ප්‍රමාණයක් අඩංගු බවට තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමන ලද මෙම මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14